කටුපොල්වලට එරෙහි අඛණ්ඩ ජනතා අරගලයට ජය – කටුපොල් තහනම ගැසට් කරයි

වසර ගණනාවක් පරිසර හිතකාමි මිනිසුන් හා පරිසරවේදීන් ,පරිසර සංවිධාන කරන ලද අරගලයක ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ කටුපොල් වගාව ගැසට් නිවේදනයක් මගින් තහනම් කර තිබේ.

යහපාලන ආණ්ඩුවේ ජාතික ආර්ථික සභාව විසින් කටුපොල් වගාව තහනම් කිරීමට 2018 ඔක්තෝබර් 15 ගත් තීන්දුවෙන් පසු ඇමති මණ්ඩලය දෙවතාවකදී කටුපොල් තහනම් කරන බව තීරණය කර තිබුණත් එය ක්‍රියාත්මක කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුනේ නැත. ඒ අනුව කටුපොල් වගා කරන සමාගම් දිගින් දිගටම කටුපොල් වගාවේ නිරත විය.

එසේම ගෝඨාභය රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී, නව ආණ්ඩුව පත්වීමෙන් පසු කරන ලද මූලාසන කතාවේදී ද ඇතුළුව අවස්ථා ගණනාවකදී කටුපොල් තහනම් කරන බව පැවසුවත් එය සිදු නොවුණි.

කෙසේවෙතත් සාමාන්‍ය ජනතාව, පරිසර ක්‍රියාකාරීන් ඇතුළු පරිසර සංවිධාන කටුපොල් තහනම ගැසට් කරන ලෙස ආණ්ඩුවට බලකරමින් අඛන්ඩ අරගලයක නිරත විය. එම අරගලයේදී නීතිය කියාත්මක කල යුතු රාජ්‍ය ආයතන ,දේශපාලන බල අදිකාරියේ මෙන්ම වතුසමාගම් වල තාඩන පීඩනවලට ගොදුරුවීමට මෙන්ම සිරගත වීම්වලට පවා ලක්වීමට කටුපොල් වගාවට එරෙහි පරිසර ක්‍රියාකාරීන් සිදුවිය.

මෙම කටුපොල් වගාවට එරෙහි අරගලය ලැබූ ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමි පවසුවේ පැවති සහ පවතින රජයන්වලට නොනවත්වා කරන ලද බලපැම හමුවේ කටුපොල් වගාව තහනම් කරන ගැසට් නිවේදනය නිකුත්ව ඇති බවයි. එසේම දැන් නීතිය කියාත්මක කිරිමට අදාල රාජ්‍ය ආයතන වලට අවශ්‍ය කීයා මාර්ග ගැනීම සදහා අවශ්‍ය නීති සහ පනත් සකස් කල යුතු බවද එම හිමියන් වැඩිදුරටත් පවසා තිබේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...