30 – 59ත් අතර වයස් ඛාණ්ඩයට වඩා එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය හිමිවිය යුත්තේ වයස්ගත පුද්ගලයන්ටයි – GMOA

මරණ සහ සංකූලතා වළක්වා ගැනීමට ප්‍රමුඛතාවය දී සකස් කළ එන්නත්කරණ වැඩපිළිවෙල මේ වන විට අසංවිධානාත්මක සහ අක්‍රමවත් තත්ත්වයකට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසා ඇත්තේ මරණයට පත්වෙන්නේ සහ සංකූලතා ඇතිවෙන්නේ වයස් ගත පුද්ගලයන්ට සහ වෙනත් රෝගාබාධවලින් පෙළෙන්නන් බවට හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව එන්නත්කරණ වැඩපිළිවෙල තුළ ඒ අයට ප්‍රමුඛතාවය දීය යුතු බව හඳුනාගෙන තිබූ බවද ඔහු පවසයි. එසේ තිබියදී 30 – 59ත් අතර ඛාණ්ඩයක් කවුද දැම්මේ යන ප්‍රශ්නය මතුවන බවද වෛද්‍ය හරිත අලුත්ගේ පවසා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට එක සැලස්මක් ඉදිරිපත් කර දැන් අපේ රට ඇතුලේ වෙනම සැලැස්මක් ක්‍රියත්මක වෙමින් පවතින බවද ඔහු මෙහිදී පවසා ඇත.

එන්නත්කරණය සම්බන්ධව සිටින විශේෂඥ කමිටුව පවා මේ අක්‍රමවත් වැඩපිළිවෙල ගැන මවිතය පළ කර තිබෙන අතර එහි වගකීම පවා ගැනීමට කිසිවෙක් නැති බවයි වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

එම නිසා සිදුව තිබෙන වැරැද්ද නිවැරදි කරගෙන ඉදිරි වැඩපිළිවෙල ක්‍රමවත් කරගත යුතු බව ඔහු අවධාරණය කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...