Breaking News

දේශීය ආර්ථිකයක් හදන්න බදු පනවනවා කීම පට්ටපල් බොරුවක් – චමීර කොස්වත්ත

දේශීය ආර්ථිකයක් හැදීම සඳහා බදු පැනවීමට සිදුවන බව පැවසීම පට්ටපල් බොරුවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත පවසයි. ඒ අනුව ආනයන සීමා කිරීමට යයි කියමින් ආනයනික ආහාර ද්‍රව්‍යවලට බදු පැනවීමෙන් බඩු මිල ඉහළ යාම මිස ආනයන – අපනයන පරතරයට පියවා ගත නොහැකි බවද ඔහු පවසා තිබේ.

චමීර කොස්වත්ත වැඩිදුරටත් පලකළ අදහස් පහත දැක්වේ.

මේ වන විට බඩු මිල ඉහළ යාම ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බවට පත්වවෙලා තියෙනවා. මේකට හේතුව නිෂ්පාදනය අඩාල වීම වගේම ආණ්ඩුව ආනයන සීමා කිරීමේ කි‍්‍රයාවලියත් මේකට බලපාල තියෙනවා. ඒක ආර්ථිකයේ දිගුකාලීන කි‍්‍රයාවලියක් වෙනුවෙන් සිදු කරන දෙයක් කියලා ආණ්ඩුව කියනවා. මැතිවරණ සමයෙදී හැම ආණ්ඩුවක්ම කරන්නේ බඩු මිල අඩුකරලා කෙසේ හෝ පඩිවැඩිකරලා තවත් එක් ඡන්දයක් වැඩි කර ගැනීමට කටයුතු කරන එක. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගොඩ නැගෙන්න බලපාපු ප‍්‍රධාන කාරණයක් ජනතාවට එල්ල වෙලා තිබුණු ආර්ථික පීඩනය. ඒ නිසා එතුමත් උත්සාහ කළා භාණ්ඩ හා සේවා බද්ධ අඩු කරලා, යම් ආකාරයක බඩුමිල පාලනයක් කරන්න. ඒවගේම හාල් මිල පාලනය කරන්න උත්සාහ කළා, ඒ කියපු කාරණය එලෙස ඉටුවුනේ නැහැ. එතුමා බලයට එද්දි රුපියල් 88 තිබුණ හාල්වල පාලන මිල අද 90ක් බවට පත්වෙලා තියෙනවා.

මැතිවරණ මුවවිට තබාගෙන ආණ්ඩුව කැමතියි බඩුමිල අඩුකරලා සුබවාදී අදහසක් හදන්න. ඒ තත්ත්වය කර ගන්න බැරිවෙලා තියෙන්නේ ඇයි. දෙවැනි කාරණය තමයි ආනයන සීමා කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කියන මේ කතාව මොකක්ද? අන්න ඒ කාරණයට අපේ අවදානය යොමු කරන්න ඕන. ඔවුන් කියනවා ආර්ථිකය හදන්න නම් රටේ ආනයන – අපනයන පරතරය හදන්න ඕන. ඒ නිසා ආනයන සීමා කරන්න ඕන. ආනයන සීමා කිරීම සඳහා තමයි මේ බදු පනවලා තියෙන්නේ. ඒක පැත්තකින් අපි ගත්තොතින් මේ කතාව ඇත්තද? අපි දැක්කා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප‍්‍රකාශයක් කළා. පරිප්පු ගෙන්වන එක නවත්වනවා. නැත්තම් පරිප්පුවලට බදු මුදලක් අය කරනවා. ගෙන්වීම අධෛර්යමත් කිරීම සඳහා. එතකොට මේ රටේ නිෂ්පාදනය වෙලා එනකම් මිනිසුන්ට පරිප්පු කන්න වෙන්නේ නැද්ද? මේ රටේ අන්තම දුගී ජනතාවට තමන්ගේ පෝෂණ අවශ්‍යතා ඉටුකර ගන්න තියෙන එක විකල්ප ආහාරයක් තමයි පරිප්පු. මේ කියන විදිහට ආනයන සීමා කිරීම හා බඩුමිල අඩුකිරීම කියන කාරණය ඇත්තද බොරුද? මිලියන 4.9ක් සියලූම පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා වියදම් වෙලා තිබුණා. ඒ කියන්නේ සමස්ත ආනයනවලින් සියට 22ක් ඒකෙනුත් ආනයන ද්‍රව්‍ය සඳහා වියදම් වෙලා තියෙන්නේ බිලියන 1.6යි. ඒ කියන්නේ සියලූ ආනයනවලින් සියට 7යි ආහාර සඳහා වියදම් වෙලා තියෙන්නේ. මේ සියලූම ආනයන නැවැත්තුවත් ඒ හිඟය පියවා ගන්න වේන්නේ නැහැ. ඒක පට්ටපල් බොරුවක්. පොහොර සහ කෘෂි රාසායන ද්‍රව්‍ය සඳහා යනවා බිලියන භාගයක්. ඒ කියන්න දශම පහක් යනවා. 1.6 සමස්ථ ආහර ද්‍රව්‍ය සඳහා යන්නේ. ඒ වෙනුවෙන් ආණ්ඩුව කියන අපේ ආර්ථියක් හදනවා. දේශීය ආර්ථියක් හදන්න ඕන ඒ නිසා බදු පනවන්න වෙනවා කියන කතාව පට්ටපල් බොරුවක්. උදාහරණයකින් කියවා නම් පසුගිය මැයි මාසයේ ගහපු අතිවිශේෂ ගැසට් නිවේදනයකින් විශේෂ වෙළෙඳ භාණ්ඩ සේවා බද්දක් ආණ්ඩුව ප‍්‍රකාශට පත් කළා. මේකෙන් ආනයන සඳහාත් ලංකාවේ නිෂ්පාදන සඳහාත් බදු පනවලා තියෙනවා. මෙහි භාණ්ඩ වර්ග 24කට බදු පනවලා තියෙනවා. ලංකාවේ නිෂ්පාදය කරන යෝගට්වලට කිලෝ ග‍්‍රෑම් එකක් සදහා රුපියල් 800ක බද්දක් පනවලා තියෙනවා. මාජරින්වලට කිලෝ ග‍්‍රෑම් එකකට රුපියල් 650ක බද්ධක් පනවාල තියෙනවා. මේක ගැන උඩින් කියනව ආනයන සීමා කිරීම සඳහා කියලා. සමස්ත ආනයන බදු තහනම් කරත් ආනයනවලින් නවත්ව ගන්න පුළුන් සියට 7යි. ඒ හින්දා ආණ්ඩුව කියන කතාව පට්ටපල් බොරුවක්.

අපිට තියෙන කණගාටුව ජනතාවගේ මේ ඇත්ත ප‍්‍රශ්නය සාකච්ඡාවට ගන්නේ නැහැ. සජිත්ට තියෙන ප‍්‍රශ්නය සිරිකොතේ බලය ඇල්ලීම. ජනතා විමුක්ති පෙරමුණට තියෙන ප‍්‍රශ්නය තමන්ගේ මන්තී‍්‍රධුර බේරා ගැනීම. ජනතාව පැති ගොඩකින් අර්බුදයට ගිහිල්ලා. ඒ නිසා ඔවුන් පීඩාවට පත්වෙලා. පෞද්ගලික අංශ රැකියා අහිමිවීම, ඔවුන්ට අඩු වැටුප් ගෙවනවා. මුර තුනට වැඩ කිරීම නිසා ඔවුන්ට ලැබෙන්න නියමිත අතිකාල අහිමිවෙල තියෙනවා. රාජ්‍ය සේවයේ වැටුප් සහ අතිකාල වෙන වෙනම ගෙවන්න පටන් අරන් තියෙනවා. දෛනික ආදායම් උපයන බොහෝ දෙනෙක්ගේ ආදායම් අහිමි වෙලා තියෙනවා. මේවැනි තත්ත්යක් මත හිදිමින් තමයි ආර්ථිකය හදන්න උත්සාහ කරනවා කියන බොරුව සමාජගත කරලා තියෙන්නේ.

leave a reply