Breaking News

ආණ්ඩුව, MCC ගිවිසුම ඡන්දයෙන් පස්සෙ අත්සන් කරන්න සූදානමින් ඉන්නෙ – දුමින්ද නාගමුව

ආණ්ඩුව MCC ගිවිසුම ගැන තම ස්ථාවරය ප්‍රකාශයට පත් නොකර තෙපර බාමින් සිටින්නේ මහ මැතිවරණයෙන් පසුව MCC ගිවිසුම අත්සන් කිරීමේ සූදානම නිසා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. ඔහු පවසන්නේ මේ ගිවිසුම හරහා මේ රටේ ජනතාවගේ ඉඩම් අයිතිය නැති කිරීමට නියමිත බවත් ගොවියන්ට පාරට බැහීමට සිදුවෙනු ඇති බවත් ඔහු පැවසීය.

ඊයේ (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී MCC ගිවිසුම ගැන මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දුමින්ද නාගමුව පලකළ සම්පූර්ණ අදහස පහත දැක්වේ.

“ඇමරිකාවේ ඉදලා ලංකාවට ආපු රාජතාන්ත්‍රික නිලධාරියෙකුගේ PCR පරීක්ෂණය කරගන්න බැරිනම් ඒ වගේ රටවල් එක්ක ගිවිසුම් ගැහුවොත් මොනවා වෙයිද? MCC ගිවිසුම සමාලෝචනය කරන්න කියලා දාපු කොමිසමේ වාර්තාව තාම නැහැ. මේ කල් අල්ලමින් ඉන්නෙ මහ මැතිවරණයෙන් පස්සෙ මේ ගිවිසුම අත්සන් කරන්න. මීට පෙර ප්‍රධානයන් දීපු වෙනත් රටවල්වල තත්ත්වය බැලුවොත් මැඩගස්කරයේ MCC ගිවිසුම හරහා ඩොලර් මිලියන 300ක් දීලා වසර දෙකක් යනකොට ඒ රටේ ගොවියන්ට ඉඩම් අක්කර ලක්ෂ 13ක් අහිමිවුණා. ලංකාවේ ඉඩම්වලින් සියයට 82%ක් තියෙන්නෙ රජයට. පෞද්ගලික ඉඩම් තියෙන්නෙ සියයට 18ක් වගේ. රජයට ඉඩම් විකුණන්න බැහැ. ඒවගේම රජය විසින් 99 අවුරුදු බදු වැනි යටතේ සාමාන්‍ය මිනිස්සුන්ට පවරා ඇති ඉඩම් විකුණන්නත් බැහැ. ඒවගේම පෞද්ගලික ඉඩම් විදේශිකයෙකුට විකුණන්නත් බැහැ. ඔහු ලංකාවේ සමාගමක් යුතුයි ලාංකිකයෙකුට සියයට 51 ක හිමිකරිතාවයක් සහිත. මේ නීති හරහා අවහිර තියෙන්නෙ ලෝකයේ බලවතුන්ට ඉඩම් මිලදී ගන්න තියෙන අයිතිය. දැන් මේ වෙනස් කරන්න හදන්නෙ ඒක. සුද්දා ලංකාව යටත් කරගත්ත වෙලාවෙ ඉඩම්වල සාරය උරාගන්න දුම්රිය මාර්ග, මාර්ග හැදුවා. මේ කරන්න හදන්නෙත් ඉඩම්වල සාරය උරාගන්නා ඉඩම් නීතියෙන් බාධාවක් තියෙනවා. ඒ නීතිය වෙනස් කරනවා, ඉඩම්වල තොරතුරු පරිගණනක ගතකරනවා. ඉඩම්වලට පාරවල් හදනවා. මේ ගිවිසුමේ කොන්දේසි ගත්තම අපිට මේ ගිවිසුමෙන් අයින් වෙන්න බැහැ. ඒගොල්ලන්ට පුළුවන් මාසයක් ඇතුලත අයින් වෙන්න. මේ ගිවිසුමට අදාළ පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න අවශ්‍ය වෙනවා. එවැනි පනතක් සම්මත කරාට පසුව ඊට ප්‍රතිවිරුද්ධ පනතක් සම්මත කරන්න බැහැ. ගිය ජනාධිපතිවරයා මේ ගිවිසුම ගැන සොයන්න පත්කළ කමිටුවේ වාර්තාවෙ තියෙනවා මේක අත්සන් කරන්න එපා කියලා. මේ ආණ්ඩුවට තවත් තෙපර බබා ඉන්නේ ඇයි මොකක් හරි ස්ථාවරයක් ගන්නෙ නැතුව. මේ ගිවිසුම අත්සන් කරන්න ආණ්ඩුව සූදානමින් සිටින බව හරිම පැහැදිලියි. මෙරටේ ජනතාවගේ ඉඩම් අයිතිය නැතිවෙන්නෙ. MCC ගිවිසුම අත්සන් කළොත් රටේ ගොවියන්ට පාරට බහින්න වෙන්නෙ. “

leave a reply