පරාටේ නීතිය ක්‍රියාත්මක වීම හරහා කුඩා ව්‍යාපාර රැසක් මකර කටට

පරාටේ නීතිය නැවත ක්‍රියාත්මක වීම හරහා රටේ සුළු පරිමාණ ව්‍යාපාර රැසක් වැසී යාමේ තර්ජනයක් ඇති බව වාර්තා වේ.

මේ වන විට අත්හිටුවා ඇති මිලියන 50 ට වැඩි ණය ලබාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යපාරිකයන් සඳහා වූ පරාටේ නීතිය ජූනි මස 30 වැනිදායින් පසු
යළි ක්‍රියාත්මක වීමට නියමිතය.

එමගින් බොහෝ ව්‍යාපාරිකයන්ගේ දේපළ බැංකු මගින් අත්පත් කර ගැනීම හේතුවෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රය දැඩි කඩා වැටීමකට ලක්වන බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසයි.

පරාටේ නීතිය යටතේ දිනකට ව්‍යාපාර 120 ක් පමණ බැංකු මගින් වෙන්දේසි කරන බවට වාර්තා වී ඇතැයි ද, ණය ගැනීමේදී 12% ක්ව පැවැති පොලී අනුපාතය එක්වරම 30% ක් දක්වා වැඩි කිරීම හේතුවෙන් ණය වාරිකය ඉහළ ගිය බැවින් නිසි ආදායමක් නොමැතිවීම මත එය ගෙවාගත නොහැකි වීමෙන් තමන් අසරණ වූ බවද, එවිට බැංකුව පරාටේ නීතිය යටතේ තම දේපළ අත්පත් කරගන්නා බවද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

ඇතැම් බැංකු ලක්ෂ 80 වැනි ණයක් සඳහා කෝටි 4 ක් පමණ අගයකින් යුතු දේපළ අත්පත් කරගෙන ඇති බව ද ඔවුහු සඳහන් කරති.

රට බංකොලොත් වීම හේතුවෙන් බොහෝ ව්‍යාපෘති ඇනහිටීම මත තම ව්‍යාපාර කඩා වැටුණු බවත්, ඒ හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි වූ බවත් පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් බැංකු සමඟ සාකච්ඡා කළ ද කිසිදු සාධනීය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ද සඳහන් කළේය.

බැංකු මගින් දේපළ අත්පත් කර ගැනීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත්, ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පියවරක් නොගන්නේ නම් තමන් ජිනීවා හි මානව හිමිකම් කවුන්සලයට යෑමට සූදානම් බවත් අගතියට පත් ව්‍යාපාරිකයෝ ප්‍රකාශ කරති.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...