සිසුන් 27ට පනවා ඇති පංති තහනම් ඉවත් කරනු! කැළණිය සිසුන් UGC දක්වා පා ගමනක

කැලණිය සරසවියේ සිසුන් 27 දෙනෙකුට ලබා දී ඇති පංති තහනම් වහා ඉවත් කරන ලෙසත්, අධ්‍යයන සුබසාධන ගැටලුවලට විසඳුම් දෙන ලෙසත්, පරිගණක හා තාක්ෂණ පීඨයේ සිසුන්ගේ විභාග අයිතිය තහවුරු කරන ලෙසත්, ගැටලු විසඳනවා වෙනුවට CCTV සවි කරමින් සිදු කරන මර්දනය නවත්වන ලෙසත් බල කරමින් අද කැලණිය මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා පා ගමනින් පැමිණ තිබුණි.

සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පරිශ්‍රය තුළට ඇතුළු වී සභාපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර එය විසඳුමකින් තොරව අවසන් වී තිබේ. ඒ අනුව කොමිෂන් සභා පරිශ්‍රය තුළම විරෝධතා රැලියක් පවත්වා උද්ඝෝෂණය අවසන් කළ අතර කලා කරුවන්, වෘත්තී සමිති, බහුජන සංවිධාන, මාධ්‍ය ආයතන දැනුවත් කරමින් අරගලය ඉදිරියට මෙහෙයවන බවත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම පිළිතුරු දීමට අසමත් නම් විෂයභාර ඇමති, අගමැති, ජනපති දක්වාම විසඳුම් ඉල්ලා පැමිණෙන බවත් එහිදී අදහස් දක්වමින් සිසුන් පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...