ජීවන් තොන්ඩමන් පොලීසියට රනිල්ගේ බලය පෙන්වයි

ඇමති ජීවන් තොන්ඩමන් ඊයේ (ජූනි 01) නුවරඑලිය මූලස්ථාන පොලිසිය ඉදිරිපිට ආධාරකරුවන් විශාල පිරිසක් රැගෙන ගොස් විරෝධතාවයක මුවාවෙන් තම දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙයට හේතු වී තිබෙන්නේ නුවරඑළිය පිඩෘ වතුයායේ අධිකාරීවරයා නිවස අඩස්සියේ තබා ගැනීම පිළිබඳව කර තිබූ පැමිණිල්ල විභාග කිරීම ය. වතු අධිකාරිවරයා ඇතුළු පිරිසක් නිවාස අඩස්සියට ගෙන තිබුනේ ද තොන්ඩමන් ඇමතිගේ මෙහෙයවීම යටතේ ය.

මේ වනවිට රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු ලෙස ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකු ලෙස සිටින ජීවන් තොන්ඩමන් පොලිස් නිලධාරීන් ඉදිරියේ තමන්ට ආදේශ කර ගත් රනිල් වික්‍රමසිංහගේ බලය ප්‍රදර්ශනය කරමින් සිටින බව පැහැදිලි වී තිබේ.

එය වඩාත් සනාථ වී තිබෙන්නේ පොලිසිය ඉදිරියට ආධාරකරුවන් රැස්කරවන අවස්ථාවේදී ම තොන්ඩමන් සහ නියෝජිතයන් කිහිප දෙනෙකු කැඳවා සාකච්ඡා කිරීමට පොලිස් ප්‍රධානීන් ඉදිරිපත් වුවද එය ප්‍රතික්ෂේප කර පැයක පමණ කාලයක් විරෝධතා දැක්වීම ය. ඉන්පසුව පොලිස් නිලධාරීන් සමඟ සාකච්ඡා කළ ජීවන් තොන්ඩමන් ඔහුගේ ආධාරකරුවන් සමඟ පිටත්ව ගොස් තිබේ.

මේ අතර ජිවන් තොණ්ඩමන්ගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු සිය ගිනි අවි තලවකැලේ පොලිසියට භාර දි පැය කිහිපයකට පසු යළි ඇවිත් එම ගිනි අවි යළි බාරගැනීම සිදු කළ බව පොලීසිය කියයි.

ජිවන් තොණ්ඩමන් නුවරඑලිය ප්‍රදේශයේදි කලහකාරි ලෙස හැසිරිම සහ එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් රැගෙන නුවරඑලිය පොලිසිය ඉදිරිපිටට ගොස් අමාත්‍යවරයා නොසන්සුන්කාරි ලෙස හැසිරිම හේතුවෙන් ඇමති ආරක්ෂක අංශයෙන් අමාත්‍ය ජිවන් තොණ්ඩමන්ගේ ආරක්ෂක අංශ නිලධාරින්ට ලද නියෝගයක් මත මෙම නිලධාරින් තලවකැලේ පොලිසියට ගොස් ඇමති ආරක්ෂක අංශ නිලධාරින් තිදෙනෙකුගේ ගිනි අවි භාර දි ඇත.

‍ඇමති ආරක්ෂක අංශයේ ගිනි අවි භාර ගන්නා ලෙස තලවකැලේ පොලිසිය්‍ද පොලිස් දුරකථන පණිවිඩයක් ලැබි තිබේ. එමෙන්ම යලිත් පැය කිහිපයකට පසු පොලිසිය වෙත භාරගත් ගිනි අවි යළි එම නිලධාරින්ටම භාරදෙන ලෙස තලවකැලේ පොලිසියට ලද පොලිස් දුරකථන පණිවිඩයක් මත එම ගිනි අවි ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින්ට භාර දි ඇත.

ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් ඊයේ (01) දින රාත්‍රි 11 ට පමණ තලවකැලේ පොලිසිය වෙත පැමිණ ගිනි අවි යලිත් භාරගෙන ඇත.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...