Breaking News

දේශපාලනඥයෝ තිදෙනෙක් නිරෝධායනය නොවී මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙනවා – උපුල් රෝහණ

රාජාංගණය ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ දේශපාලනඥයින් සිව් දෙනකුගෙන් තිදෙනකු නිරෝධායනය ප්‍රතික්ෂේප කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

එම තිදෙනා මේ වන විට මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වෙන බවත් එක් අයෙකු පමණක් නිරෝධායනය වෙන බවත් ඔහු පවසා ඇත.

ගැසට් පත්‍රය මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ලබා නොදෙන්නේ මෙවැනි කාරණා නිසා බවද දේශපාලනඥයින්ට අවශ්‍ය පරිදි මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නිසා බවද සභාපතිවරයා සදහන් කළේය.

උපුල් රෝහණ මෙසේද පැවසීය.

“බෝවෙන රෝගයක් පාලනය කිරීම සදහා භාවිත කරන්නේ ලංකාවේ 1897 අංක 3 දරණ නිරෝධායන සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනත මේ පනත අපට හදල දීලා ගියේ විදේශිකයෝ. මේ පනතේ නිසි බලධාරියෝ නීති හදනවා. දිවයින පුරා නීතිය ක්‍රියාත්මක කරන්න විධිවිධාන ලබාදෙනවා. මේ පනත බලාත්මක කරන්නේ බිම් මට්ටමේ පරීක්ෂකවරුන්.1943 සැනිටරි ඇසිස්ටන් කියලා සදහන් කරන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තමයි පත් කරන්නේ. අපි කිව්වේ අපිව අධිකරණවල අභියෝගයට ලක් වෙන නිසා සැනිටරි ඇසිස්ටන් කියන එක මහජන සෞඛ්‍ය පරීක්ෂක කියලා වෙනස් කරන්න මේ ආඥා පනතේ. ඒක නියෝගයක් මගින් කරන්න පුළුවන් ඇමතිවරියට.සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට කිව්වේ 39 වැනි වගන්තිය ප්‍රකාරව මේ ක්‍රියාවල නිරත වන අයට නීතිමය රැකවරණය දෙන්න කියලා.

නිරෝධායනය කරනවා කියල අපි නිවෙස් තුළ රඳවා තියන්න නීතිමය ආවරණයක් නැත්නම් ඒ මිනිස්සුනට පුළුවන් අනික් පැත්තට අභියෝග කරන්න.ඒක හදලා දෙන්න කියලා තමයි කිව්වේ.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යංශය මේ වන තෙක් ඉටු කරලා නෑ.

මේක රජයේ වෛද්‍ය සංගමය අර්ථ දක්වනවා අනිසි බලතල ඉල්ලනවා කියලා අපි අනිසි බලතල නෙමෙයි ඉල්ලන්නේ.අපි කරපු වැඩ වලට අදාළ බලතලයි ඉල්ලන්නේ බලය නීතිගත කරන තුරු අපිට මේ රාජකාරිය තවදුරටත් කරන්න බෑ.16 වැනිදා පටන් ගත්ත කොරොනා පාලන කටයුතු වලින් ඉවත් වීම ඊයේ සිට සියලුම බෝවන රෝග කටයුතු වලින් ද ඉවත්වුණා. ඉදිරියේදීත් මේකට විසදුමක් දෙන්නේ නැත්නම් මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය මීටත් එහාට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය ලේකම්වරයාත් මේක කළ යුත්තක් කියන මතයේ ඉන්නවා. රට විවෘත කරද්දි මේ පනතට අදාළව මාර්ගෝපදේශ ගැසට් කරන්න ඕනේ.මේක මූලික නීතිමය ලියවිල්ලක් විතරයි. මේ ලියවිල්ලෙන් සියලුම රෝග පාලනය කරන්න බෑ. රෝග පාලනය ට කළින් කලට ආපු හැම අවස්ථාවකම මේකට අදාළව නියෝග හදන්න ආමාත්‍යවරියට බලය ලබා දීලා තියෙනවා මේ ආඥා පනතෙන්. මේ කොවිඩ් 19 පාලනය සදහා මිනිස්සු අනුගමනය කළ යුතු මාර්ගපදේශ ගැසට් කරන්න ඕනේ. මේකේ බලධරයට සහ නිසි බලධරයට නඩු පවරයි කියන බවට මෘත ශරීර පුළුස්සා දැමීම ගැන විතරක් ගැසට් කළා. ඒ හැර කොවිඩ් පාලනය සදහා කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නෑ. මේ කරන හැම එකක්ම මිනිස්සු සහය දෙනකම් විතරයි කරන්න පුළුවන්.

සෞඛ්‍ය ඇමතිවරියගේ ගැසට් එක හරියට එන්ජිමක් නැති බස් එකක් වගේ යන්න ඔ්නේ. කොවිඩ් මර්දනය කරන්න ගැසට් එක ගැහුවට ඒක ක්‍රියාත්මක කරන්න නිලධාරියෙක් පත් නොකළම ගැසට් එක කොලයක් විතරයි. රටකජු ඔතන්න ගන්න පුළුවන් ගැසට් එක. හැබැයි දේශපාලනඥයෝ විශේෂයෙන් රට නිදහස් කරද්දි ඇති වෙච්ච තත්ත්වයත් එක්ක රාජංගණයේ සිද්ධියටත් ඒ මළගෙදරටත් දේශපාලනඥයෝ හතර දෙනෙක් සහභාගි වෙලා තිබ්බා.ඒකෙන් එක් දේශපාලනඥයෙක් විතරයි නිරෝධායනය වෙන්නේ. අනෙක් තුන්දෙනාම මේ වෙද්දි මැතිවරණ ක්‍රියාවල නිරත වෙනවා.”

උපුටා ගැනීම – medialk.com වෙබ් අඩවිය

leave a reply