Breaking News

කුණුකොල්ලයට විකිණීමට සුදානම්ව සිටින රක්ෂණ සමාගම ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කරයි

රාජ්‍ය දේපළක් වූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2023 වසරේ මුල් මාස අට තුළ රුපියල් බිලියන 19.5 ක ලාභයක් ලබා ඇති බව මුදල් අමාත්‍යංශයේ වාර්තාවක් පවසයි. එම වාර්තා වේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රුපියල් බිලියන 12.5ක ලාභයක් ලබාදී තිබූ බවයි.

“මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ වෙළෙඳපොළේ ආයෝජන මත ප්‍රතිලාභ වැඩිවීම නිසා ආයෝජනවලින් ලැබෙන ආදායම ඉහළ යාමයි..,” වාර්තාවේ සඳහන් වන්නේ පළමු මාස 8 තුළ ආදායම රුපියල් බිලියන 44.8 සිට රුපියල් බිලියන 42.6 දක්වා සියයට 5 කින් පහත වැටී තිබියදීත් මෙම අගය වාර්තා කිරීම කැපී පෙනෙන බවයි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) වත්කම් 2022 අවසානයේ බිලියන 273.7 සිට 2023 අගෝස්තු අවසන් වන විට රුපියල් බිලියන 301.6 දක්වා ඉහළ ගොස් ඇත.

ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විකිණීමට සැරසෙන්නේ මෙවැනි ලාභයක් ලබමින් සිටියදීයි. වෘත්තීය සමිති මැදිහත්වීම හරහා අධිකරණ නියෝගයක් මගින් පෞද්ගලීකරණය ආපසු හැරවීමට උත්සාහ කළද දැන් තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් යටතේ යලි පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව සූදානමින් සිටියි.

 

leave a reply