කුණුකොල්ලයට විකිණීමට සුදානම්ව සිටින රක්ෂණ සමාගම ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කරයි

රාජ්‍ය දේපළක් වූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2023 වසරේ මුල් මාස අට තුළ රුපියල් බිලියන 19.5 ක ලාභයක් ලබා ඇති බව මුදල් අමාත්‍යංශයේ වාර්තාවක් පවසයි. එම වාර්තා වේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රුපියල් බිලියන 12.5ක ලාභයක් ලබාදී තිබූ බවයි.

“මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ වෙළෙඳපොළේ ආයෝජන මත ප්‍රතිලාභ වැඩිවීම නිසා ආයෝජනවලින් ලැබෙන ආදායම ඉහළ යාමයි..,” වාර්තාවේ සඳහන් වන්නේ පළමු මාස 8 තුළ ආදායම රුපියල් බිලියන 44.8 සිට රුපියල් බිලියන 42.6 දක්වා සියයට 5 කින් පහත වැටී තිබියදීත් මෙම අගය වාර්තා කිරීම කැපී පෙනෙන බවයි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) වත්කම් 2022 අවසානයේ බිලියන 273.7 සිට 2023 අගෝස්තු අවසන් වන විට රුපියල් බිලියන 301.6 දක්වා ඉහළ ගොස් ඇත.

ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විකිණීමට සැරසෙන්නේ මෙවැනි ලාභයක් ලබමින් සිටියදීයි. වෘත්තීය සමිති මැදිහත්වීම හරහා අධිකරණ නියෝගයක් මගින් පෞද්ගලීකරණය ආපසු හැරවීමට උත්සාහ කළද දැන් තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් යටතේ යලි පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව සූදානමින් සිටියි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...