ආයතන බොහොමයක් ජනමාධ්‍යවේදීන්ගේ වැටුප් ගෙවා නැහැ – වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

වසංගත තත්ත්වය හමුවේ තම සහෝදර මාධ්‍යවේදීන් පත්ව ඇති තත්ත්වයට විසඳුමක් ඉල්ලා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධනට ලිපියක් යොමුකර තිබේ. එම සංගමය පවසන්නේ විද්‍යුත් සහ  මුද්‍රිත  යන සියලු මාධ්‍යවල සේවය කරමින් සිටි ජනමාධ්‍යවේදීන් , ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ නිදහස් මාධ්‍යවේදීන්ගේ වැටුප් සහ දීමනා ගෙවා නොමැති බවයි. ඇතැම් මාධ්‍ය ආයතන වැටුපෙන් බාගයක් පමණක් ගෙවා ඇති බව වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසා සිටියි.

මේ තත්ත්වය හේතුවෙන් ආර්ථික වශයෙන් ගැටලුවලට මුහුණ දෙමින් සිටින ජනමාධ්‍යවේදීන් වෙත රජයෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව හෝ ලබාදීමට කටයුතු කරන ලෙස වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සිය ලිපිය මගින් ජනමාධ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...