මැතිවරණ සමයේ ආණ්ඩුවේ බඩු බෙදීමට වාරණයක්

අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිශන් සභාව දැනුම් දී තිබේ.

ඒ අනුව එම කාලීන ආහාර පැකේජය පළාත් පාලන ජන්ද විමසීමෙන් පසුව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිත හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී තිබේ.

මෙවර අයවැය යෝජනාවකට අනුව මෙම ආහාර පැකේජය අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් අටලක්ෂ 12,753ක් අතරින් යෝග්‍ය ප්‍රතිලාභීන් සඳහා ලබාදීමට නියමිතව තිබුණි.

රුපියල් 5,000ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රුපියල් 2,500ක සහන මිලකට ලබදීමට තීරණය විය.

මෙම කාලීන ආහාර පැකේජය සඳහා පසුගියදා කැබිනට අනුමැතිය හිමි වූ අතර, අප්‍රේල් 1වනදා සිට 13වනදා දක්වා ලංකා සතොස සහ කෝප් අලෙවිසැල් හරහා බෙදාහැරීමට සැලසුම් කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...