ලීසිං මාෆියාව වගේම ක්ෂුද්‍ර ණය මාෆියාවකුත් තියෙනවා – ක්‍ෂුද්‍ර ණය හේතුවෙන් විපතට පත්වූ කාන්තා එකතුව

ක්‍ෂුද්‍ර ණය හේතුවෙන් විපතට පත්වූ කාන්තා එකතුව තමන් මේ වන විට මුහුණ දෙමින් තිබෙන තත්වය, අභියෝග මෙන්ම ක්‍ෂුද්‍ර ණය සම්බන්ධව ඉදිරිකාලයේ ගැනීමට අදහස් කරන ක්‍රියාමාර්ග පිලිබඳ දැනුවත් කිරීමට ජුනි 17වන දින මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් විය. ඒ සඳහා ක්‍ෂුද්‍ර ණය හේතුවෙන් විපතට පත්වූ කාන්තා එකතුවේ කැඳවුම්කාරිනිය ප්‍රියන්තිකා කුමාරි ඇතුළුව, වැලිඔය, පොලොන්නරුව, වව්නියාව, නුවරඑළිය ආදී ප්‍රදේශ වලින් පැමිණි ක්‍ෂුද්‍ර ණය වින්දිතයින් තම අදහස් සහ යෝජනා බෙදා ගත්තේය.

ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ ඝාතනය ආශ්‍රිතව මතුවී ඇති ලීසිං මාෆියාව ලීසිං සේවා වලට සීමා වී නොමැති බවත් ක්‍ෂුද්‍ර ණය වින්දිතයින් ලෙස තමන් දීර්ඝ කාලයක් තිස්සේ ක්‍ෂුද්‍ර ණය මාෆියාවට ගොදුරු වෙමින් තිබෙනා බව ඔවුන් පෙන්වා දුන්නේය.

ක්‍ෂුද්‍ර ණය අර්බුධය හුදෙක් මුල්‍ය සාක්‍ෂරතාවය නොමැති කම නිසා ඇති වූ අර්බුධයක් ලෙස ගෙන හැර පෑමට විරුද්ධ වෙමින් ඔවුන් පැවසුයේ රාජ්‍යය ප්‍රතිපත්ති මෙන්ම නියාමන ක්‍රමවේදයේ ඇති කඩා වැටීම් තමන්ව ගොදුරු කරගෙන ඇති බවය. බිම් මට්ටමේ ආර්ථික කටයුතු මෙන්ම දරිද්‍රතාවය දුරැලන ක්‍රියාවලියෙන් රජය ඉවත්වී ඒ වගකීම ලාභය මුලික කරගත් මුල්‍ය අංශයට පැවරීම ක්‍ෂුද්‍ර ණය අර්බුධයට ප්‍රධානතම හේතුව බව ඔවුන් ප්‍රකාශ කර සිටියහ.

මුල්‍ය අංශය නියාමනය කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ වගකීම හරිහැටි ඉටුනොකිරීම නිසා ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වී ඇති බව ඔවුන් පෙන්වා දුන්නේය.

ක්‍ෂුද්‍ර ණය ආශ්‍රිතව මුල්‍ය වෙළෙඳපල කොතරම් මහජන විරෝධී ලෙස පරිණාමය වී ඇත්ද යත් පෙර තමන් පිහිටට ආ සර්වෝදය, සණස වැනි ව්‍යාපාරයන් පවා අද ජනතාව බිලිගන්නා ණය සේවා ක්‍රියාත්මක කරමින් සිටින බව ක්‍ෂුද්‍ර මුල්‍ය හේතුවෙන් විපතට පත්වූ කාන්තා එකතුව පෙන්වා දුන්නේය.

  1. තමන් පීඩාවට පත්කරන ක්‍ෂුද්‍ර ණය අහෝසි කරන ලෙසත්,
  2. ශ්‍රී ලංකා මහබැංකුව ඉදිරිපත් කල මාස 6ක ණය සහනය ක්‍ෂුද්‍ර ණය වින්දිතයින්ටද ලබා දෙන ලෙසත්,
  3. ක්‍ෂුද්‍ර ණය වින්දිතයින් තව දුරටත් පීඩාවට පත්කිරීමට උසාවි යාන්ත්‍රණය භාවිතා කිරීම නතර කරන ලෙසත්
  4. ග්‍රාමීය ආර්ථිකය ප්‍රතිජිවනය කිරීමට අවශ්‍යය ප්‍රජා-කේන්ද්‍රීය මුල්‍ය පහසුකම්: සමුපාකාර වැනි, ඇති කිරීමට රජය මැදිහත් වන ලෙසත් ක්‍ෂුද්‍ර ණය වින්දිතයෝ ඉල්ලා සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...