ආණ්ඩුව පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් 105ක් රාජ්‍ය සෞඛ්‍ය සේවයට බඳවා ගන්න හදනවා

විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්, විශ්ව විද්‍යාල ආචාර්යවරු ඇතුළු සියලු දෙනා සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්තිය වැරදි බව පෙන්වා දී තිබියදී ආණ්ඩුව ඒ පිළිබඳ වගේ වගක් නොමැතිව කටයුතු කරමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි. එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඊයේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවක අදහස් දක්වමින් මේ බව පැවසිය.

”රටේ ජනතාවගේ බදු මුදල් වියදම් කරලා සම සෞඛ්‍ය උපාධිධාරීන් නිර්මාණය කරගත්ත නිසාම තමයි රටේ ජනතාවට ඔවුන්ගෙන් වැඩ ගන්න රටේ සෞඛ්‍ය සේවයට ඔවුන්ව සම්බන්ධ කරගන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව කොතලාවල ඇතුළු පෞද්ගලික උපාධි කඩවලින් සම සෞඛ්‍ය උපාධිය ලබාගත්ත පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගන්න යනවා. එළඹෙන17වනදා තරඟ විභාග සඳහා සඳහා මුහුණ දුන අය සම්මුඛ්‍ය පරීක්ෂණවලට කැඳවලා සීමාවාසික පුහුණුව සඳහා බඳවා ගන්න සූදානම් වෙනවා. සෞඛ්‍ය සේවය පිරිහීමට පවා මෙය හේතු වෙන්න පුළුවන්. තරඟකාරී විභාග පාස්වෙලා එන රාජ්‍ය විශ්ව විද්‍යාල සිසුන් සෞඛ්‍ය සේවයට බඳවා නොගැනීම හරහා සෞඛ්‍ය සේවයේ පිරිහීමක් වෙන්න ඉඩ තියෙනවා. රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් සම සෞඛ්‍ය උපාධිය ලබාගත් කිසිම කෙනෙක් මෙම විභාගයට සහභාගී වුනේ නැහැ. ඒ අනුව කොතලාවල ඇතුළු පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබපු 105 දෙනෙක් මෙම විභාගයට මුහුණ දුන්නා. දැන් ඔවුන්ව තමයි ආණ්ඩුව රාජ්‍ය සේවයට බඳවා ගන්න හදන්නේ.”

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...