තව අලුත් බදු දෙකක් මග එනවලු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට ලැබුණු බව රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබා දෙන ලෙස පාර්ශ්වයන් වෙතින් තවත් ඩොලර් බිලියන හතක පමණ කඩිනමින් ණය ආධාර බලාපොරොත්තු වන බවද ඔහු කීය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ලෝකයේ අනෙක් රටවල් සමඟ සැසදීමේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම පහළ මට්ටමක ඇති බව ඔහු පවසන අතර එය ඉදිරියේදී 15% දක්වා වැඩිකරගැනීමට බලාපොරොත්තු වන බව ඔහු පවසා තිබේ.

ඒ සඳහා රනිල් යෝජනා කරන්නේ තවත් බදු වර්ග දෙකක් හඳුන්වා දීමයි. ඒ අනුව 2025 දී දේපළ බද්ධක් වෙනුවට ධන බද්දක් හදුන්වාදීමටත්, තෑගි හා බූදල් බද්දක් හඳුන්වාදීමටත් පියවර ගන්නා බව රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...