තව අලුත් බදු දෙකක් මග එනවලු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට ලැබුණු බව රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබා දෙන ලෙස පාර්ශ්වයන් වෙතින් තවත් ඩොලර් බිලියන හතක පමණ කඩිනමින් ණය ආධාර බලාපොරොත්තු වන බවද ඔහු කීය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ලෝකයේ අනෙක් රටවල් සමඟ සැසදීමේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම පහළ මට්ටමක ඇති බව ඔහු පවසන අතර එය ඉදිරියේදී 15% දක්වා වැඩිකරගැනීමට බලාපොරොත්තු වන බව ඔහු පවසා තිබේ.

ඒ සඳහා රනිල් යෝජනා කරන්නේ තවත් බදු වර්ග දෙකක් හඳුන්වා දීමයි. ඒ අනුව 2025 දී දේපළ බද්ධක් වෙනුවට ධන බද්දක් හදුන්වාදීමටත්, තෑගි හා බූදල් බද්දක් හඳුන්වාදීමටත් පියවර ගන්නා බව රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...