නිරෝධායන නීතිය යොදාගනිමින් අද දවසේ කණ්ඩායම් 4ක් අත්අඩංගුවට!

අද දිනයේ පමණක් නිරෝධායන නීතිය යොදාගනිමින් කණ්ඩායම් 4ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉංජිනේරු සංස්ථා සේවක උද්ඝෝෂණ අතරතුර කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව ඇතුලු පිරිසක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබුණි.

ඒකාබද්ධ ඉංජිනේරු සේවා සේවක සංගමය විසින් සේවක දඩයම නවතා දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ දිනයේ සිට විරෝධතාවක් දියත්කර තිබුණි. අද උදෑසන ඉංජිනේරු සංස්ථාව අසලදී දුමින්ද නාගමුව සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ චන්ද්‍රසිරි ලන්දගේ, සංජීව බණ්ඩාර, ධම්මික මුණසිංහ, බෙනිල්ඩස් සිල්වා සහ රංගනී ජයවර්ණ අය අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව එම පිරිසට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දීමෙන් පසුව ඔවුන් යළි අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යවා ඇත.

එසේම බොරලන්ද ගොවි විරෝධතාවකට සහභාගි වීම නිසා චෝදනා ලැබූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රිවරු දෙදෙනකු සහ භික්ෂුවක් අද (07) අත්අඩංගුවට ගෙන ඇත.

ජූලි 01 වෙනිදා පැවති පැවති මෙම ගොවි උද්ඝෝෂණයට නායකත්වය දීම සම්බන්ධයෙන් ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික වීරකැටියේ අනුරුද්ධ හිමි, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ඇතුළු පස්දෙනෙකු බෝගහකුඹුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. බෝගහකුඹුර පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඔවුන් වෙත කළ දැනුම්දීමකට අනුව, අද (07) පෙරවරුවේ ඔවුන් අද පෙරවරුවේ පොලිස්ථානය වෙත ගිය අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත. පසුව ඔවුන් ඇප මත මුදාහැර තිබේ.

ආණ්ඩුව විසින් තෙල් මිල ඉහළ දැමීමෙන් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද(7) කලුතර පැවැත්වූ විරෝධතාවයේදී පෙ.ස.ප. ක්‍රියාකාරින් ඇතුළු විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

“තෙල් මිල අඩුකරනු – ධනකුවේරයන්ට බදු ගසනු!” යන තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය රට පුරා පැවැත්වෙන විරෝධතා මාලාවේ අංගයක් ලෙස කලුතර දිස්ත්‍රික් විරෝධතාවයේදී මෙසේ විරෝධතාකරුවන් 10 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන, රොෂාන්ත කරුණාතිලක, චන්දන ප්‍රනාන්දු, යසිත් චන්දිම, දර්ශන චන්ද්‍රසේකර, කවිඳු ප්‍රභාෂ්, සුජිත් ප්‍රසන්න, නිහාල් තොටගමුව, කිංස්ලි රොද්‍රිගු, ප්‍රියන්ත ගුණරත්න යන අය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මුතුරාජවෙල තෙත්බිම් ප්‍රදේශ නීති විරෝධී ලෙස ගොඩ කිරීමට එරෙහිව විරෝධතා දැක්වීම හේතුවෙන් ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ඇතුළු විරෝධතාකරුවන් පමුණුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව එම පිරිස ඇප මත මුදාහැර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...