වෛද්‍ය ශාෆීට හිඟ වැටුප් ගෙවා සේවයේ පිහිටුවීමට නියෝග

සැත්කම් මඟින් සිංහල කාන්තාවන් දහස් ගණනක් වඳ භාවයට පත් කළේ යැයි චෝදනා ලැබූ කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ශාෆී සහාබ්දීන්ට හිඟ වැටුප් ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් කුරුනෑගල මහා රෝහලේ අධ්‍යක්ෂ වෙත නියෝග කර තිබේ.

වෛද්‍ය ශාෆී සහාබ්දීන් අත්අඩංගුවට ගත් පසු, ඔහුගේ සේවය අත්හිටුවා නැති අතර, සිදුකර තිබෙන්නේ ඔහු අනිවාර්ය නිවාඩු යැවීම පමණක් නිසා ඔහුට ගෙවිය යුතුව තිබෙන හිඟ වැටුප් ගෙවන ලෙස මෙහිදී ලිපියක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා දන්වා ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අදාළ ලිපියෙහි සඳහන් වන්නේ 2019/05/24 දින සිට අනිවාර්ය නිවාඩු ගන්වා සිටි ශාෆී සහාබ්දීන් වෛද්‍යවරයාගේ ලැබිය යුතු හිඟ වැටුප් ගෙවා නැවත සේවයේ පිහිටුවන ලෙසය.

තවද අනිවාර්ය නිවාඩු ගන්වන ලද නිලධාරියකු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය ආයතන සංග්‍රහයේ පැහැදිලිව දක්වා තිබියදීත් එකී කාලයට අදාළ වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් හේතුන් කවරේද යන්න නොපමාව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාවූ තමා වෙත වාර්තාකරන ලෙසද එම ලිපිය මගින් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ වෙත වැඩිදුරටත් දන්වා තිබේ.

2019 වසරේ මැයි මාසයේ 23 වන දින වෛද්‍ය ශාෆී සහාබ්දීන් සිංහල මව්වරුන්හට වඳ සැත්කම් කරන ලද බවට චෝදනා කරමින් පළමුවරට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කරන ලද්දේ දිවයින පුවත්පතයි. ඊට දින කිහිපයකට පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත් අඩංගුවට ගනු ලැබී ය. රුපියල් කෝටි 40කට අධික වත්කමක් ඔහු සතු බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඒවා කිසියම් අන්තවාදී හෝ ත්‍රස්තවාදී කණ්ඩායමක් මගින් ලැබී ඇත්දැයි ප්‍රශ්න කිරීමේ අරමුණින් ඔහුව අත්අඩංගුවට ගත් බව එහිදී ප්‍රකාශ විය.

කෙසේ වෙතත් පසුව මෙම පරීක්ෂණ මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, ෂාෆී සහාබ්දීන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සනාථ කිරීමට සාක්ෂි නොමැති බව අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් පසු ඔහු ඇප මත මුදා හැරියේ ය. ඒ අත්අඩංගුවට ගෙන මාස දෙකකට පමණ පසුවයි.

Share post:

Popular

වෙනත් පුවත්

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...