Breaking News

ලෝකය දරුණුතම බලශක්ති අර්බුදයකට මුහුණ දිය හැකියි – ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය

බටහිර ආසියාවේ යුද්ධය හේතුවෙන් ලෝකය දශක ගණනාවකින් පසු දරුණුතම බලශක්ති අර්බුදයට මුහුණ දිය හැකි බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානී ෆාති බිරෝල් අනතුරු අඟවා තිබේ.

“අපෙන් බොහෝ දෙනෙකුට 1970 ගණන්වල අඛණ්ඩ තෙල් අර්බුද දෙකක් මතකයි… ඒ කාලයේ දී, එක් එක් අර්බුදය තුළ, ලෝකය දිනකට බැරල් මිලියන පහක් පමණ අහිමි වුනා, අර්බුද දෙකම එකතු වුනාම , දිනකට බැරල් මිලියන 10 ක්,” බිරෝල් ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය වෙත අදහහස් දක්වමින් පවසා ඇත.

“අද වන විට, අපට දිනකට බැරල් මිලියන 11 ක් අහිමි වෙනවා, ඒ නිසා මෙය 1070 දශකයේ තෙල් අර්බුදය අවස්ථා දෙකට වඩා බරපතලයි” ඔහු පැවසීය.

ඉරාන යුද්ධය හේතුවෙන් “අවශ්‍ය නම්” තවත් ගබඩා කර ඇති තෙල් මුදා හැරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ආසියාවේ සහ යුරෝපයේ රජයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව බිරෝල් පැවසීය.

ගෝලීය බොරතෙල් මිල ඉහළ යාම මැඩපැවැත්වීම සඳහා උපායමාර්ගික තොගවලින් වාර්තාගත තෙල් බැරල් මිලියන 400 ක් මුදා හැරීමට IEA සාමාජික රටවල් මාර්තු 11 වන දින එකඟ විය.

මැද පෙරදිග අර්බුදය “ඉතා දරුණු” සහ 1970 ගණන්වල තෙල් කම්පන දෙකට වඩා නරක යැයි ඔහු විස්තර කරමින් ඔහු පවසන්නේ රුසියානු-යුක්රේන යුද්ධයේ ගෑස් වලට ඇති බලපෑමද මෙයට එකතු විය හැකි බවයි.

“මෙම ගැටලුවට ඇති එකම වැදගත්ම විසඳුම වන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමයි,” ඔහු පැවසීය.

leave a reply