කොරෝනා පාලන එන්නත් මිල අධික වීම දුප්පතුන්ට කෙසේ බලපාවිද ?

කොරෝනා වසංගතයට එරෙහි එන්නතක් පිළිබඳව ලෝකයේම අවධානය යොමු වී තිබෙන අතරතුර 2020 අගෝස්තු මාසේ  රුසියාව විසින් තමන් අත්හදා බලමින් තිබෙන එන්නතත් සාර්ථක වී ඇති බව ලෝකයට ප්‍රකාශ කළා, ස්පුට්නික් වී එන්නත  කොරෝනා මර්ධන එන්නත් අතර  ලොව ප්‍රථම ලියාපදිංචි කරන ලද  එන්නත වෙනවා.

ලොව අත්හදා බලන එන්නත් අතර  රුසියානු එන්නත, ෆයිසර්  සහ මෝඩරානා එන්නත්  සායනික අත්හදා බැලීම අවසාන කර  ලොව පුරා බෙදා හැරීමේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන තියනවා.  මේ එන්නත් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද  තමන්ගේ එකඟතාවයන් ඵල කර තිබෙනවා.

ෆයිසර්  සහ මෝඩරානා එන්නත්  විකුණුම් මිල මේ වන විට ප්‍රසිද්ධියට පත් කර තිබේ . ප්‍රකාශිත මිල ගන්නන් වලට අනුව ෆයිසර් එන්නතේ එක මාත්‍රාවක් ඩොලර් 19.50 වන බවත් මෝඩනා එන්නතේ මාත්‍රාවක්  ඩොලර් 25.00 ආසන්න මිලක් වීමට නියමියි. මේ හැම එන්නතම එක පුද්ගලයෙක් මාත්‍රා දෙක බැගින් එන්නත් කරගත යුතු අතර දලවශයෙන් ෆයිසර් එන්නත මිලදී ගන්නා කෙනෙකු ඩොලර් 39.00 ක් (රුපියල් 7 000 .00 ) හෝ මෝඩනා එන්නත ලබා ගන්නා පුද්ගලයෙකු ඩොලර් 50.00 (රුපියල් 10 000 .00 ) අසන්න මුදලක් ගෙවීමට සිදු වෙනවා .

ලබන සති අන්තය වන විට ස්පුට්නික් වී එන්නතේ විකුණුම් මිල ප්‍රකාශ කරන බව රුසියාව ප්‍රකාශ කර තිබේ . බොහෝ විට ඉහත සමාගම් දෙකේ මිලගණන් වලට වඩා අඩු මිල ප්‍රකාශනයක් වීමට ඉඩ ඇති බවයි .ස්පුට්නික් වී එන්නත යුරෝපයේ ලතින් ඇමරිකාව, ආසියාව සහ හංගේරියාව යන රටවල බෙදා හරින්නට කඩිනම් වැඩ පිළිවලක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ප්‍රකාශ කර  ඇත. ස්පුට්නික් වී තෙවන අදියර අත්හදා බැලීම්  92% ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවද සඳහන් කර ඇත .

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...