මාස 4කට පසු ලංකාවේ ඉතාලි තානාපති දිව්රුම් දෙයි.

විවිධ හේතු මත දිව්රුම් දීම පමාවූ ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කර එවූ සත්‍යා රුඩි‍්‍රගෝ මහතා අද දින ඉතාලි ජනාධිපති සේර්ජෝ මත්තරෙල්ලා මහතා ඉදිරියේ දිව්රුම් දී නිල වශයෙන් සිය තානාපති රාජකාරිය බාරගත් බව දැනගන්නට ඇත. රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකල අතර ඒ මහතා ඉතාලියට පැමිනියේ පසුගිය ජූලි මාසයේය.

ඒ වන විටත් පුරප්පාඩු වී තිබූ තානාපති තනතුර මෙතෙක් කලක් හිස්ව තිබීම විසින් බොහෝ කටයුතු නියමිත පරිදි සිදු නොවූ අතර එහි විශේෂම කාරණය වනුයේ ලංකා රජය හා ඉතාලි රජය අතර බලාත්මක වීම ඇණහිට තිබෙන ද්වීපාර්ෂික ගිවිසුම අත්සන් කිරීම තව දුරටත් පමා වීමයි. ඒ තුලින් සිදුවූයේ දුෂ්කරතාවයන්ට පත්ව පීඩා විඳින බොහෝ ලාංකිකයින් ඉච්ඡුාබංගත්වයට පත්වීමයි. විශේෂයෙන්ම එම ගිවිසුම තවදුරටත් බලාත්මක නොවීම මගින් ලංකාවේ රියදුරු බලපත‍්‍රය ඉතාලි රියදුරු බලපත‍්‍රය බවට පරිවර්තනය කර ගැනීමට මේ දක්වා නොහැකි වීමයි.

එම ගැටලූව නිරාකරනය කර ගැනීමට බොහෝ ලාංකිකයින් විවිධ උත්සහයන් දරමින් සිටින අතර රාජ්‍ය පාලනය මාරුවීම එම පමාවට ප‍්‍රධාන හේතුවක් ලෙස කියැවුනි.

කෙසේ නමුත් ජනාධිපතිවරයා පත්වී පාර්ලිමේන්තුව විසුරුවා හැර පතකල භාරකාර ආණ්ඩුවට මෙන්ම නව ජනාධිපතිවරයාටද අප මෙම ගැටලූව නිරාකරණය කිරීමට කඩිනමින් මැදිහත් වන ලෙසත් එම ගැටලූවේ දිග පලලත් සවිස්තරව ලිපි මගින් දැනුවත් කළෙමු.

කෙසේ නමුත් මේ වන විට එක් ප‍්‍රධාන කරුණක්ව තිබූ තානාපති වරයාගේ දිව්රුම් දීමේ ගැටලූව නිරාකරණය සඳහා ක‍්‍රියාත්මක වූ සියලූ පාර්ශවයන්ට අපගේ ප‍්‍රනාමය හිමිවන අතරම නව තානාපති තුමාට සුබ පැතුම් එක් කරන ගමන් මෙතෙක් නොවිසඳී පවතින ගැටලූ අතර රියදුරු බලපත් ගැටලූව නිරාකරණය කිරීමට මැදිහත් වන ලෙසත් ඉල්ලමු. විශේෂයෙන්ම ඉහත සඳහන් කල ද්වීපාර්ශවික ගිවිසුම බලාත්මක කිරීම සඳහා නොපමාව කටයුතු කරන ලෙසත් විදේශ අමාත්‍ය තුමාගෙන් හා ඉතාලියේ නව තානාපති තුමාගෙන් ඉල්ලා සිටිමු.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...