කුරුමිණි මරණයක් ,සාක්කියට කූඹි කණ්ඩායමක් !

හැමදාම වගේ
අදත් හවස
ගෙදර යන ගමන්
ෆුඩ්සිටි දිහා බලාගෙන
සතොසෙන් ලාබෙට
නාඩු තුනක් ගත්ත
මල්ල පිරෙන්න සැහැල්ලුවට

මුමුණනව ඇහුණා
මේ මාසෙට
මඟුල් ගෙවල් තුනක්
ළඟම නෑයොන්ගෙ
හැබැයි දුර

දවසින් දවස පෑගුනාට
අදනම් චුරුවෙලාම ගියා
පයකට

අත්තියල බලද්දී ඇඟට
ගල්වෙච්ච හීතලක් දැනුන තදට
මැරිල හුඟක් කල්ද කොහෙද
ජීවත්වුනාට

(ඒකට හොඳම සාක්කිය)

පපුවෙන් පැන්න
හැගීම් මැරිච්ච
සුදුමැලි ලේ පැල්ලමක්
පොළවට

කඳුළුනම් තිබ්බෙ නෑ ඇස්වල
ඒත් බොරපාටට
තුනී පටලයක් තිබ්බ
තෙතමන

සාක්කුවෙ හිස් පසුම්බිය
අයිඩෙන්ටියත් එක්ක
විසිකළා අපේ එකෙක් කාණුවට
නම් ගම් මොකට
ජීවත්වෙද්දිම මැරිච්ච එකෙකුට !!

රසිකා  මුහන්දිරම්ගේ 

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...