කුරුමිණි මරණයක් ,සාක්කියට කූඹි කණ්ඩායමක් !

හැමදාම වගේ
අදත් හවස
ගෙදර යන ගමන්
ෆුඩ්සිටි දිහා බලාගෙන
සතොසෙන් ලාබෙට
නාඩු තුනක් ගත්ත
මල්ල පිරෙන්න සැහැල්ලුවට

මුමුණනව ඇහුණා
මේ මාසෙට
මඟුල් ගෙවල් තුනක්
ළඟම නෑයොන්ගෙ
හැබැයි දුර

දවසින් දවස පෑගුනාට
අදනම් චුරුවෙලාම ගියා
පයකට

අත්තියල බලද්දී ඇඟට
ගල්වෙච්ච හීතලක් දැනුන තදට
මැරිල හුඟක් කල්ද කොහෙද
ජීවත්වුනාට

(ඒකට හොඳම සාක්කිය)

පපුවෙන් පැන්න
හැගීම් මැරිච්ච
සුදුමැලි ලේ පැල්ලමක්
පොළවට

කඳුළුනම් තිබ්බෙ නෑ ඇස්වල
ඒත් බොරපාටට
තුනී පටලයක් තිබ්බ
තෙතමන

සාක්කුවෙ හිස් පසුම්බිය
අයිඩෙන්ටියත් එක්ක
විසිකළා අපේ එකෙක් කාණුවට
නම් ගම් මොකට
ජීවත්වෙද්දිම මැරිච්ච එකෙකුට !!

රසිකා  මුහන්දිරම්ගේ 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...