කන්දකාඩු මරණය පහරදීමකින් සිදුවූවක් දැයි සැකයක්

කොරෝනා වසංගත සමය තුළ රෝගීන් පුනරුත්ථාපනය සඳහා ආරක්ෂක හමුදා භාරයේ පවත්වා ගෙන යන කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ඊයේ රාත්‍රියේ සිදුව ඇති මරණය හා අද පෙරවරුවේ එයින් පිරිසක් පළායාම සම්බන්ධ විමර්ශන ආරම්භ කර ඇත.

රැඳවියන් ප්‍රකාශ කරන ආකාරයට පෙරදා දුන්කල ළඟ තබාගැනීමේ වරදට හසුව ආරක්ෂක නිලධාරීන් භාරයට ගත් මෙම රැඳවියා පසු දින මරණයට පත්වී තිබෙන්නේ එම පුවත දැනගත් පසු එහි රැඳී සිටි රැඳවියන් ඊට එරෙහිව විරෝධතාව පළ කර ගේට්ටුව කඩා ගෙන පලාගොස් තිබේ.

කඳවුරේ ඉතුරු අනිකුත් රැඳවියන් මරණයට පත්වූ රැඳවියා ගේ සිරුර මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරමින් ප්‍රකාශ කර සිටියේ ඔහුට අමානුෂික ලෙස පහරදී මරණයට පත් කර ඇති බවයි. එය සනාථ කිරීමට අවශ්‍ය කරන පහරදීමෙන් ඇති වූ ලපකැලැල් එම මළ සිරුර තුළ තිබෙන බවත් දැඩි ලෙස ඔහුගේ හිසට සහ මුහුණට ද පහර දී ඇති බවත් ඔවුන් ප්‍රකාශ කරනවා. උද්ඝෝෂණයක් අතරතුර රැඳවියන් විටින් විට ප්‍රකාශ කෙරේ එම පුනරුත්ථාපන කදවුර තුළ ඔවුන්ට අමානුෂික ලෙස සලකන බවයි.

අද උදෑසන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රධාන ගේට්ටු කඩා බිඳ දමා රැඳවියන් 600 දෙනෙකු පමණ පලා ගොස් ඇති බව වාර්තා කෙරිණි. මෙසේ ඉවත්ව ගිය පිරිස අතුරින් කොටසක් මේ වන විට හමු වී ඇති අතර සෙසු අය සොයමින් යුධ හමුදාව සහ පොලිසිය එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා .

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...