කන්දකාඩු මරණය පහරදීමකින් සිදුවූවක් දැයි සැකයක්

කොරෝනා වසංගත සමය තුළ රෝගීන් පුනරුත්ථාපනය සඳහා ආරක්ෂක හමුදා භාරයේ පවත්වා ගෙන යන කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ඊයේ රාත්‍රියේ සිදුව ඇති මරණය හා අද පෙරවරුවේ එයින් පිරිසක් පළායාම සම්බන්ධ විමර්ශන ආරම්භ කර ඇත.

රැඳවියන් ප්‍රකාශ කරන ආකාරයට පෙරදා දුන්කල ළඟ තබාගැනීමේ වරදට හසුව ආරක්ෂක නිලධාරීන් භාරයට ගත් මෙම රැඳවියා පසු දින මරණයට පත්වී තිබෙන්නේ එම පුවත දැනගත් පසු එහි රැඳී සිටි රැඳවියන් ඊට එරෙහිව විරෝධතාව පළ කර ගේට්ටුව කඩා ගෙන පලාගොස් තිබේ.

කඳවුරේ ඉතුරු අනිකුත් රැඳවියන් මරණයට පත්වූ රැඳවියා ගේ සිරුර මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරමින් ප්‍රකාශ කර සිටියේ ඔහුට අමානුෂික ලෙස පහරදී මරණයට පත් කර ඇති බවයි. එය සනාථ කිරීමට අවශ්‍ය කරන පහරදීමෙන් ඇති වූ ලපකැලැල් එම මළ සිරුර තුළ තිබෙන බවත් දැඩි ලෙස ඔහුගේ හිසට සහ මුහුණට ද පහර දී ඇති බවත් ඔවුන් ප්‍රකාශ කරනවා. උද්ඝෝෂණයක් අතරතුර රැඳවියන් විටින් විට ප්‍රකාශ කෙරේ එම පුනරුත්ථාපන කදවුර තුළ ඔවුන්ට අමානුෂික ලෙස සලකන බවයි.

අද උදෑසන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රධාන ගේට්ටු කඩා බිඳ දමා රැඳවියන් 600 දෙනෙකු පමණ පලා ගොස් ඇති බව වාර්තා කෙරිණි. මෙසේ ඉවත්ව ගිය පිරිස අතුරින් කොටසක් මේ වන විට හමු වී ඇති අතර සෙසු අය සොයමින් යුධ හමුදාව සහ පොලිසිය එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...