Breaking News

මැයි 09 සිදුවීම්වලට අත්අඩංගුවට ගත් පිරිස 1000 ඉක්මවයි

පසුගිය මැයි 09 වනදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට දිවයින පුරා පුද්ගලයින් 1348 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසයි.

ඒ අතරින් 638 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර 654 දෙනෙකු ඇප මත නිදහස් කර ඇති බව ඔහු සඳහන් කර ඇත.

පසුගිය 09වනදා රට පුරා ඇතිවූ සිදුවීම්වලට බලපෑවේ මහින්ද රාජපක්ෂගේ මැරයන් විසින් කරන ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කරන ලද මැර ප්‍රහාරයයි. ඒ සම්බන්ධයෙන් වගකිව යුතු මහින්ද රාජපක්ෂට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන් නැත.

ඒ වෙනුවට එම මැර ප්‍රහාරයට වගකිව යුතු නාමල් රාජපක්ෂ මැයි 09 සිදුවීම්වලට සම්බන්ධ සාමාන්‍ය ජනතාව පුනුරුත්ථාපනය කළ යුතු බව කියනු ඇසෙ.

leave a reply