අත්වල ලේ නැති රාජපක්ෂලා

Date:

අවසානයේ පද්මේගේ කොනක රාජපක්ෂලා ගෑවුණා නේද? යනුවෙන් මාධ්‍යහමුවකදී මාධ්‍යවේදියෙකු අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ සඳහන් කළේ, අපේ අත් වල ලේ නෑ… අපි නීති විරෝධී කටයුතු වලට මැදිහත් වෙලා නෑ සහ අපි කෙඳිරිගාන්නෙත් නෑ… යනුවෙන්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය මන්ත‍්‍රීවරයෙකු වන සම්පත් මනම්පේරී නමැත්තාගේ සහෝදරයෙකුගේ ඉඩමක වළ දමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිශ්පාදනය කිරීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය තොගයක් ඊයේ (5) ගොඩ ගන්නා ලදී. එම සිද්දියත් සමග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ කෙහෙල්බද්දර පද්මේ පිළිබඳව කතා බහක් සමාජ තුළ ඇති වී තිබේ. ඒවාට අදාළ විවිධ ඡායාරූප පවා සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතියි.

මෙවන් තත්ත්වයක් තුළ අද මාධ්‍ය හමුවේදී නාමල් රාජපක්ෂ කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කේන්ද්‍ර කරගෙන ආණ්ඩුව සහ පොලිසිය යම් ප්‍රකාශයක් සිදු කර ඇති බවයි. මේ වන විටත් පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් විසින් සිද්ධියට අදාළ හිටපු මන්ත්‍රීවරයාගේ පක්ෂ සමාජිකත්වය තහනම් කර ඇති බව නාමල් රාජපක්ෂ එහිදී සඳහන් කර ඇත. එසේම ආණ්ඩුව මෙම සිද්ධිය දේශපාලන දඩයමක් නොකරගෙන, අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව ද නාමල් රාජපක්ෂ එහිදී පැවසුවා.

එසේම මේ රසායන ද්‍රව්‍ය ගෙන ආ කන්ටේනර් සම්බන්ධයෙන් ආණ්ඩුව සහ පොලිසිය දැන සිටියේද නැද්ද යන්න ඔහු මෙහිදී විමසා සිටියා.

එසේම පක්ෂයක් ලෙස පොදු ජන පෙරමුණ සෑම විටම විනය රැක ගැනීමට ද කටයුතු කරන බවත් යම් කිසි සාමාජිකයෙක්, අපේක්ෂකයෙක් හෝ මන්ත්‍රීවරයෙක් විනය කඩ කිරීමක් සිදු කර තිබේ නම් ඊට අදාළව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරන බව නාමල් රාජපක්ෂ පැවසුවා. ආණ්ඩුව තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ඉටු කර ගැනීම සඳහා මේ සිදුවීම පාවිච්චි නොකර අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටියා.

පාස්කු ඉරිදා ප්‍රහාරය ආණ්ඩුව විසින් දේශපාලනීකරණය කළ ආකාරයට මේ සිද්ධියද දේශපාලනීකරණය නොකර ලෙස ඉල්ලා සිටි ඔහු පැවසුවේ එම ප්‍රහාරයේදී වගකීම් පැහැර හැරි අය මේ වන විට ආණ්ඩුවේ ඉහළ පුටු වල සිටින බවයි. ඔවුන් තමන්ගේ කාර්යය නිසි ලෙස ඉටු නොකර වගකීම් පැහැර හැර ඔවුන්ට එල්ල වන චෝදනා වෙනත් පාර්ශවයන්ට හරවන බව ද ඔහු කියා තිබේ.

ආණ්ඩුව බලයට පැමිණි පසු සිද්ධ වුණු කන්ටේනර් සිද්ධියේදී ආණ්ඩුව නිශ්ශබ්ද වුණත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා විසින් පත් කරන ලද වාර්තාවේ සඳහන් වන ආකාරයට පරීක්ෂා නොකර මුදා හැරි කන්ටේනර් තුන්සිය ගණනට අමතරව තිබෙන තවත් කන්ටේනර් මුදා හැර ඇති බව නාමල් රාජපක්ෂ පැවසුවා.

ඒ අනුව සොයාගන්නා ලද රසායනික ද්‍රව්‍ය ආනයනය කළ බවට සැක කරන ලද කන්ටේනර් 2කත් එලෙස වරායෙන් ඉලියට දාපු කන්ටේනර් වලින් දෙකක්ද යන ප්‍රශ්නය මතු වන බව නාමල් රාජපක්ෂ පැවසුවා.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...