ඇමරිකාවේ කොවිඩ් 19 න් මියයන බහුතරය කළු ජාතිකයින් වන්නේ ඇයි..?

කොවිඩ් 19 මාරක වසංගතය ඇමරිකා එක්සත් ජනපදය අකර්මන්‍ය කරමින් සෑම ජනපදයක් සිසාරා මේ මොහොතේ පැතිර යමින් සිටී. අද දවස ගෙවී යන මේ හෝරාව වනවිට එක්සත් ජනපදය තුල නිශ්චිතව හඳුනාගත් ආසාදිකයින් ගණන 435,389 ක් වන අතර 14818 දෙනෙකු මෙලොවින් අවාසනාවන්ත ලෙස සමුගෙන ඇත.

නිව් යෝර්ක් ආණුඩුකාර Andrew Cuomo වරෙක පැවසුවේ කොවිඩ් 19 සමාජයේ උස් මිටි තැන් නොතකා ගමන් කරන බවය.

එහෙත් මේ වනවිට ඇමරිකාව තුල මියගිය 15000 කට මදක් අඩුවෙන් සටහන් වන මරණ ලැයිස්තුවේ ශාතිශය බහුතරය අප්‍රිකානු සම්භවයක් ඇති ඇෆ්‍රෝ ඇමරිකානුවන්ය. නිව් යෝර්ක් මිචිගන් ලුසියානා නිව් ජර්සි ඇතුළු කළු ජාතිකයින් බොහෝ පිරිසක් ජීවත්වන ජනපද වල කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරය මෙන්ම මරණයට පත් වූවන්ගේ බහුතරය කළු ජාතික ඇමරිකානුවන්ය.

දැඩි සමාජ ආර්ථික විෂමතාවයන්ගෙන් පිරි කළු ජාතිකයින් බහුලව වාසය කරන ප්‍රදේශ තුල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

නිව් යෝර්ක් ජනපදයේ ගතවූ සති කිහිපය තුලදී නිශ්චිතව හඳුනාගත් ආසාදිතයින් ගණන 151,171 ක් වන අතර 6268 ක් මිය ගියේය. ඉන් සාතිශය බහුතරය කළු ජාතිකයින් වීම විශේෂිත සිදුවීමකි. මිචිගන් ජනපදයේ Detroit යනු 80 % ක් කළු ජාතිකයින් වසන නගරයකි. මිචිගන් ප්‍රාන්තයේ දැනට හඳුනාගෙන ඇති වෛරස් ආසාදිතයින්ගෙන් බහුතරය අයත් වන්නේ ඉහත කී නගරයේ බහුතරය වූ කළු ඇමරිකානුවන්ය. Louisiana ප්‍රාන්තයේ නිව් ඔර්ලන්ස්හි බහුල වශයෙන් ජීවත් වන්නේ ඇෆ්‍රෝ ඇමරිකානුවන්ය. එම ප්‍රදේශයේ පමණක් මේ මොහොත වන විට 17030 දෙනෙකු ආසාදිතයින් වන අතර මිය ගිය පිරිස 652 කි. ඉන් බහුතරය කළු ඇමරිකානුවන්ය. ලුසියානා ප්‍රාන්තයේ මිය ගිය රෝගීන් ගෙන් 70 % ක් පමණ කළු ජාතිකයින් බව බ්‍රිතාන්‍යයේ ගාඩියන්ස් පුවත් පත සනාථ කරයි.

චිකාගෝ නගරයේ සමස්ත ජනගහණයෙන් කළු ජාතිකයින් 30 % ක් නියෝජනය කලද කොරෝනා වෛරසයෙන් මියගිය පිරිසෙන් 70 % ක් අයත් වන්නේ ඇමරිකානු කළු සම්භවයක් ඇති ජනතාවටය.

මෙම අවාසනාවන්ත ඉරණම එරට කළු ජාතිකයින්ට අත්වී ඇත්තේ සමාජ දේශපාලන හා ප්‍රධාන වශයෙන් ආර්ථික විශමතාවයන්ගේ ප්‍රතිපලයක් ලෙසය. රමරිකාවේ Economic Policy Institute ආයතනයට අනුව පවතින ව්‍යසන තත්වය තුල සුදු ජාතිකයින්ට සාපේක්ෂව නිවසේ සිට රාජකාරී කටයුතු වල නියැලීමට කළු ජාතිකයින්ට හිමිව ඇත්තේ ඉතා ඉඩකඩකි. බොහෝ කළු ඇමරිකානුවන් සේවයේ යෙදී සිටින්නේ අතළුවශ්‍ය සේවාවන් සමගය. එමගින් වෛරසය ආසාදනය වීමේ වැඩි ඉඩක් ඔවුන්ට හිමිවන බව පැහැදිලිය..

Russell CP Bandarawatta මුහුණු පොතේන්

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...