රම්සි රම්සි උඹ සිහි විය- උඹ දැන් නිදහස් වෙලා ද

රම්සි රම්සි උඹ සිහි විය
උඹ දැන් නිදහස් වෙලා ද
හිරේට ගිය පසු මිනිහෙක්
ඔය දේ අරුමයක් නොවේ

රස්නේ පිට පාං බනිස්
බේකරියෙන් බාන ගමං
විකිනෙයි විකුණයි යහමින්
සත්‍යය පශ්චාත්

හිතෛෂයින්, නෑ මිතුරන්
දේශපාලනික සොයුරුන්
පිට වූ හඬ ගෙන විහඟුන්
නො පෙනී දිය වී ජව බල

වරද කාටවත් කාගෙද
හිත තුවාල කර පල නැත
හඩ නැගුවට පෑ විරෝධ
සුළගේ ඇති ගීතයක් ය

ඇති වෙන කං උඹ තැපපං
උඹට නොවේ නීතියට ය
උඹේ ගෑනි දෙමාපියන්
විතරක් ඉඳහිට එනකං

බලා ඉන්න එක සුන් වී
නැත්තට නැති වෙන කොට උඹ
දඬුවම අහවරක් වේවි
බිංදුවෙන්ම පටන් ගනින්

ඒ අතරේ උඹට ගොඩක්
ඉගෙන ගන්න ඉඩ හදාවි
නිදහස ආගමට වඩා
කම්බි කූරු මඟ කියාවි

රම්සි රම්සි උඹ මිනිහෙක්
කුරානෙ උඹ හිස තිබ්බත්
ආ පහු හැරිලා හිත වෙත
වෙන්නට හැකි නම් නිදහස්

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...