ඉන්දියාවේ තත්වය බරපතල වෙමින් පවතියි.

ජම්මු හා කාශ්මීරයේ නව කොරෝනා වයිරස් ආසාදිතයින් ගොඩ ගැසෙමින් පවතින බව වාර්තා වෙනවා . යුනියන් නමැති ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් -19 ආසාදිතයින් 184 ක් වාර්තා වි ඇති අතර ජම්මු ප්‍රදේශයෙන් 32 ක් සහ කාශ්මීරයේ 152 ක්ද නව ආසාදිතයන් වර්තවෙනවා . අවම වශයෙන් අවදානම් සහගත පුද්ගලයින් 648 දෙනෙකුගේවත් සිටිය යුතු බවත් ඉදිරි දිනවල වෛරස ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාහැකි බවට අනතුරු හඟවා තියනවා .

මේ වනවිට ඉන්දියාවෙන් කොවිඩ් -19 ආසාදිතයින් 6800 වැඩි ප්‍රමාණයක් වාර්තාවී තියන අතර 230 මරණයට පත්වෙලා තියනවා .

පසුගියදා ඉන්දියානු පර්යේෂකයන් පිරිසක් කළ පර්යේෂණයකින් හෙළිදරව් උනේ covid-19 ආසාදිත සාමාන්‍ය පුද්ගලයෙක්ට දින තිහක් තුළදී පුද්ගලයන් 400කට වැඩි ප්‍රමාණයකට වෛරසය පතුරුවා හැරිය හැකි බවයි. මේ හේතුවෙන් ජනතාව දැනුවත් කිරීම ඉතාම වැදගත් බවත් වෛරස් ආසාදිත පුද්ගලයන් ඉක්මනින් ප්‍රතිකාර නොගෙන ජනාකීර්ණ නගරවල සැරිසැරුවොත් ඉන්දියාවට බරපතළ තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු වෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

දේශපාලන විචාරකයන්ට පෙන්වා දෙන්නේ පසුගියදා මධ්‍යම රජය ඉන්දියාව lockdown කරන්න තීරණයක් ගත්තත් ඔවුන්ට එතනින් එහා ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වලට විසඳුම් ලබාදීම සඳහා නිසි වැඩපිළිවෙලක් නැති බවයි. මේ හේතුවෙන් ඉන්දියාව තුල ජාතිවාදයේ මූලයන් අවුස්සමින් ජනතාවගේ අවධානය වෙනත් දිශාවන් වලට යොමු කරන්නට කටයුතු කරන බවට චෝදනා එල්ල වෙනවා.

Share post:

Popular

More like this
Related

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...

” දෝරේ ගිය කිරි කඳුළ ” දොරට වැඩුම සැප්තැම්බර් 05

ලේඛිකා රංජනී සෝමචන්ද්‍ර විසින් රචිත" දෝරේ ගිය කිරි කඳුළ...