Breaking News

ත්‍රස්ත විරෝධී පනත තාවකාලිකව හකුළා ගනී

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒම කල් දමන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඊයේ දිනයේ ප්‍රකාශ කර සිටියා. බොහෝ දෙනෙකු කළ ඉල්ලීම් වලට ඇහුම්කන් දී මෙම තීරණය ගත් බවත් ,අධිකරණ නිවාඩු කාලය මඟ හැර ජනතාවට ඊට අදාළ විරෝධයක් දක්වන්න තිබේ නම් අවශ්‍ය කරන කාලය ලබා දෙන්නට ආණ්ඩුව තීරණය කළ බවත් විජයදාස රාජපක්ෂ පවසනවා. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය වෙනස් කළ බව විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහසද වෙනස් වී ඇති බවක් අදහස් දැක්වීම් වලින් පැහැදිලි වෙනවා.

විජේදාස රාජපක්ෂ ජනතාවට විරෝධය දක්වන්නට කාලය ලබාදීම සඳහා මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමූ බව ප්‍රකාශ කළත් අප විශ්වාස කරන්නේ සත්‍යය එය නොවන බවයි. රනිල් රාජපක්ෂට මේ පනත තාවකාලිකව හෝ හකුළා ගන්නට සිදුවී තිබෙන්නේ ඊට එරෙහිව පැන නැගී තිබෙන ජනතා විරෝධය හේතුවෙනි.

එපමණක්ද නොව මේ වන විට  රනිල් රාජපක්ෂගේ ත්‍රස්ත විරෝධී පනත ට  දැඩි පක්ෂපාතිත්වයක් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ රනිල්ගේ කුලී මත ප්‍රකාශ කරන්නන් ද පනත තුල  ජනතාව පීඩාවට පත් කරන වගන්ති තිබෙන බව ප්‍රකාශ කිරීමට පෙළඹී තියෙනවා. එපමණක්ද නොව පනත පිළිබඳව පුළුල් කතිකාවතක් නිර්මාණය කර එහි තිබෙන අහිතකර වගන්ති ඉවත් කර ගැනීමට සහයෝගයෙන් කටයුතු කළ යුතු බවටද මත පළ කරනවා. ඒ අතරතු පනත තුළ ත්‍රස්තවාදය නිර්වචනය කිරීමේ අවුලක් තිබෙන බවත් ත්‍රස්තවාදය නිර්වචනය කිරීම මීට වඩා වෙනස් ආකාරයකින් පැහැදිලිව සිදුකළ හොත් එල්ල වන ජනතා විරෝධය සමනය කළ හැකි බවද ඔවුන්ගේ විශ්වාසයයි .

කෙසේ වෙතත් රනිල් රාජපක්ෂ ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමූවත් ඊට එරෙහිව ගොඩ නැගුණු විරෝධය සමනය කළ නොහැකිය. මෙය ආණ්ඩුවේ උපක්‍රමයක් බව ඉතා පැහැදිලිය. දැඩි ජනතා විරෝධයක් පැන නැගී තිබෙන මොහොත මගහැර  රනිල් රාජපක්ෂ කරන්නට සූදානම් වන්නේ විරෝධය  සමනය වූ  මොහොතක ඉතා ඉක්මනින් පනත පාර්ලිමේන්තුවට ගෙන ඇවිත් සම්මත කර ගැනීමටයි.එනිසා මේ උපක්‍රමයට ජනතාව හසුවිය යුතු නොවෙන අතර ස්ථිර වශයෙන්ම මේ නව  පනතත් දැනට පවතින  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත් හකුලා දමන තුරු ජනතාවගේ විරෝධය ආණ්ඩුවට එරෙහිව පත්වාගෙන යා යුතුය.

 

leave a reply