තාත්තා – මංජුල වෙඩිවර්ධන

නෙතින් නෙතට පහන් දල්වනා
සිතින් සිතට පැතුම් ගල්වනා
ඒ ජීවන කතන්දරේ
වෑහෙන රස නිරන්තරේ
ආදරබර නමයි තාත්තා….
අර ගැඹුරු හඬින් තාල අල්ලනා
ඒ සොඳුරු සිනා ම’හද හොල්ලනා
සීත ගලන දෙසැම්බරේ
සාද පිරුණු නිලම්බරේ
පායන සඳ තමයි තාත්තා…..

කස්ත්‍රෝ කියල කිව්ව රැවුල වැව්ව
කළුබෝවිල බුහුටි හාදයා…
මොන්රෝ වගේ ඉන්න අපේ අම්මගේ
සදාතනික ප්‍රේමවන්තයා
මී මුණුබුරා එක්ක හුරතල් වෙන
තරුණ හාදයා
මිත්‍රයෝ කෙළක් ඇතත්
වෙන කවුරුද හොඳම යාළුවා

මධුපැන් සාදයකදි සළුවෙනකොට
ඩොල්කිය ළඟ හීන ඇල්ලුවේ
මිල්ටන්ම තමයි ඉතිං සුපෙම් ලොවේ
කුසුම්සරා සිහින දෙව්දුවේ
කාසන් ලෙස්ට පිගොට් කොලෙත් ඉරන්
නෝ වෙයාර් වුණු අතීතයේ
කවුතන් කවුද ඉතිං තුරුණු ජවය
සදාතනික තුරඟ සන්නියේ

මංජුල වෙඩිවර්ධන

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...