ග්ලැසියර දියවීම වේගවත් වීම සමඟ එවරස්ට් මූලික කඳවුර ඉවත් කිරීමට සැරසෙයි

ගෝලීය උණුසුම වැඩිවීම සමඟ ග්ලැසියර දියවීම නිසා එවරස්ට් කන්ද ආශ්‍රිතව පිහිටි මූලික කඳවුර (base camp) වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට නේපාල සංචාරක දෙපාර්තම්නේතුව තීරණය කර තිබේ.

එම දෙපාර්තමේන්තුවට අනුව මෙම කඳවුර පිහිටි කුඹු ග්ලැසියරය (Khumbu glacier) සීඝ්‍රයෙන් දියවෙමින් පවතියි. පර්යේෂකයන් පවසන පරිදි දියවන ජලය නිසා ග්ලැසියරය අස්ථාවර වී ඇති අතර කඳු නගින්නන් පවසන්නේ ඔවුන් බලා සිටියදී ම මූලික කඳවුරේ ඉරි තැලීම් ඇතිවන බවයි. කඳවුර දැනට මීටර් 5,364 ක උසක පිහිටා ඇත.

හිමාලයේ අනෙකුත් ග්ලැසියර මෙන්ම කුඹු ග්ලැසියරය ද ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ වේගයෙන් දිය වෙමින් තුනී වෙමින් පවතින බව විද්‍යාඥයින් සොයාගෙන ඇත.

2018 දී ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කළේ ග්ලැසියරයෙන් වසරකට ජලය ඝන මීටර් මිලියන 9.5 ක් අහිමි වන බවත්, මූලික කඳවුරට ආසන්න කොටස වසරකට මීටර් 1 කින් වේගයෙන් තුනී වන බවත්ය.

කඳු නගින්නන් සහ නේපාල බලධාරීන් පවසන්නේ මූලික කඳවුර මැදින් ඇති දිය පහරක් වසරින් වසර පුළුල් වන බවයි.

ග්ලැසියර මතුපිට ඉරිතැලීම් ඇතිවීම පෙරට වඩා නිතර සිදුවන බව ද ඔවුන් පවසයි.

මූලික කඳවුරේ ස්ථානය මාරු කළ යුතු බවට නිර්දේශ කළ කමිටුවේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන කිම්ලාල් ගෞතම් පවසා ඇත්තේ කඳවුරේ විශාල පිරිසක් සිටීම ද මෙම ගැටලුවට දායක වන බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...