අරගලය නවත්වන්න ගේන මැතිවරණය අරගලයේ අභිලාශ ජයග්‍රහණය කරවීමට යොදා ගමු – පුබුදු ජයගොඩ

මැතිවරණය පවා අරගලයේ ජනතා අභිලාෂයන් ජයග්‍රහණය කරන ගමන් මාර්ගයේ කොටසක් බවට පත්කරගත යුතු බවත් ඒ සඳහා තම පක්ෂය මැදිහත්වෙන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ මැතිවරණයක් පවත්වා අරගලය නැවැත්විය නොහැකි බවයි. මැතිවරණයක් ගෙන එමින් අරගලය නැවත්වීමට ගන්නා උත්සාහය පැරදවීම සඳහා මෙම මැතිවරණය අරගලයේ ජනතා අභිලාෂයන් ඔප්නංවන මහජන න්‍යාය පත්‍රයක් වටේ දේශපාලන පක්ෂවලට ඒවායේ නායකයන්ට හැසිරෙන්න වෙන එකක් බවට පත්කරගත යුතු බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බවද මෙහිදී පැවසුනි.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,

“මේ අර්බුදය මැතිවරණයක් තියලා වෙන මූණු ටිකක් යවලා විසදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊට වඩා ගැඹුරු ප්‍රතිපත්තිමය අර්බුදයක් විසින් තමයි මේ රට මෙතනට වැටිලා තියෙන්නේ. අනිත් එක පළාත් පාලන මැතිවරණය වගේ එකකින් මේ කිසිම දෙකට උත්තර හම්බවෙයි කියලා මම හිතන්නෙත් නැහැ. හැබැයි මේ ගොල්ලන්ට මැතිවරණයක් තියාගන්නත් වුවමනාවක් තියෙනවා. පසුගිය දවසක වෙල්ගම මහත්තයා කිව්වා මැතිවරණයක් තිබ්බේ නැත්තම් අරගලයක් එයි. ඒ නිසා අරගලය නවත්වන්න නම් මැතිවරණයක් තියන්න කියලා. හැබැයි අරගලය මැතිවරණ තියලා නවත්වන්න බැහැ. මැතිවරණ තිබ්බත් නැතත් අරගලය ඉස්සරහට යනවා. ඒ අරගලයේ ජනතා අභිලාෂයන් ඉටුකිරීම සඳහා ජනතාව මැදිහත් වෙමින් ඉඳියි. ජීවන වියදම් වැඩිවීම්, අධික බදු බර, විදුලි බිල් වැඩිකිරීම්, මේ සියල්ලෙන් පීඩාවට පත් ජනතාවට අරගල කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. ඒක මැතිවරණ තියලා වහන්න පුළුවන් එකක් නෙමෙයි. මැතිවරණය පවා ඒ අරගලයේ ජනතා අභිලාෂයන් ජයග්‍රහණය කරන ගමන් මාර්ගයේ කොටසක් බවට පත්කරගන්න ඕනා. මැතිවරණය අරගලය නැවත්වීම සඳහා, අරගලයට සම්බන්ධ වූ ජනතාව පක්ෂ පාට ලෙස බේද කරලා අරගලය දුර්වල කරන්න කරන එකක් නෙමෙයි. මැතිවරණ කියලා කියන්නේ අරගලයේ ජනතා අභිලාෂයන් ඔප්නංවන මහජන න්‍යාය පත්‍රයක් වටේ දේශපාලන පක්ෂවලට ඒවායේ නායකයන්ට හැසිරෙන්න වෙන එකක් බවට පත්කරගන්න ඕනා. අන්න ඒ සඳහා තමයි අපි අපේ මැදිහත්වීම කරන්නේ. ”

Share post:

Popular

More like this
Related

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...

22ට එරෙහි පෙත්සම් විභාග කරන්න විනිසුරු මඩුල්ලක්

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම අරමුණු කරගත්...

උද්ධමනය ඉහළට

2026 වසරේ අගෝස්තු මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට...

නේපාලයේ දී අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය ඉහළට 

අගෝස්තු 26 වන දින ටිබෙටයට මායිම්ව පිහිටි රසුවා දිස්ත්‍රික්කයට ...