ඔවුන් විරුවන්

හුදෙකලාවෙන් ජීවිත ගල් ගැසුණ
සූරාකෑමට හඹායාමෙන්
පිළිතුරු සොයන
කෘත්‍රීම මිනිසුන් බිහිවන ලෝකයක
ඔවුන් අව්‍යාජ ආදරවන්තයින් විය

උඩුමහලින් දෙන අණට හිසනමා
අන්තිමඩා බිඳුවද දුන්නෙ මිරිකා
දුක කියන්නටත් තේරුමක් නොමැත්තන්ට
ඔවුන් දයාබරිත ගුරුවරුන් විය

මිලට කඳුළු බිඳු හිලව් කළ විට
ලැබෙන සොච්චමත් උදුර ගත් විට
හඬනගා එයට සටන් කෙරුමට
ඔවුන් නිර්භීත මිනිසුන් විය

ආදරය පිරිණු ලෝකයක්
ලාභය තකා සූරා නොකන සමාජයක්
මනුෂ්‍යත්වයේ නිදහස උදෙසා
සටන් කළ ඔවුන් විරුවන් විය

එවන් ලෝකයකට මැවූ බැවින් සිහින
සාහසිකව ඔවුන් මරා දැමුවද
නොඉඳුල් සටන පරාජය වුවද
ඔවුන්ගේ රුහිරු බිඳු වලින් බිහි වන
හැම නැවුම් පරම්පරාවක්ම
ඔවුන් වපුල ඒ පරම අරමුණ
නැවත මියැදුමට නොදෙයි කිසිදින

භාග්‍යා හෙට්ටිඅරච්ච්

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...