හුදෙකලාවෙන් ජීවිත ගල් ගැසුණ
සූරාකෑමට හඹායාමෙන්
පිළිතුරු සොයන
කෘත්‍රීම මිනිසුන් බිහිවන ලෝකයක
ඔවුන් අව්‍යාජ ආදරවන්තයින් විය
උඩුමහලින් දෙන අණට හිසනමා
අන්තිමඩා බිඳුවද දුන්නෙ මිරිකා
දුක කියන්නටත් තේරුමක් නොමැත්තන්ට
ඔවුන් දයාබරිත ගුරුවරුන් විය
මිලට කඳුළු බිඳු හිලව් කළ විට
ලැබෙන සොච්චමත් උදුර ගත් විට
හඬනගා එයට සටන් කෙරුමට
ඔවුන් නිර්භීත මිනිසුන් විය
ආදරය පිරිණු ලෝකයක්
ලාභය තකා සූරා නොකන සමාජයක්
මනුෂ්‍යත්වයේ නිදහස උදෙසා
සටන් කළ ඔවුන් විරුවන් විය
එවන් ලෝකයකට මැවූ බැවින් සිහින
සාහසිකව ඔවුන් මරා දැමුවද
නොඉඳුල් සටන පරාජය වුවද
ඔවුන්ගේ රුහිරු බිඳු වලින් බිහි වන
හැම නැවුම් පරම්පරාවක්ම
ඔවුන් වපුල ඒ පරම අරමුණ
නැවත මියැදුමට නොදෙයි කිසිදින