Black death නමින් සුපතල මහා මාරියා වසංගතය මිනිස් ඉතිහාසයේ කාලකන්නිම යුගයක් උදාකල කාලවකවානුවකි. 1347 සිට 1351 දක්වා කාලය තුල යුරෝපය හා ඒ අවට ආසියානු කළාපය පුරා පැතිර ගිය මහාමාරියා රෝගයෙන් අහිමි වූ ජිවිත ගනන දළ වශයෙන් මිලියන 75 සිට 200 දක්වා බව පොදු මතයකි. මෙය දෙවන මහා මාරියා උවදුර වූ අතර ලෝක ඉතිහාසයේ මෙතෙක් පැවති විනාශකාරී දුර්භික්ෂ යුගය ලෙස මෙම කාලය හැඳින්වේ.
මධ්‍යම ආසියාවේ සිට යුරෝපය කරා වැටී තිබූ සේද මාවත ඔස්සේ යුරෝපයට ඇදී ආ ජනයාගෙන් මෙම මාරාන්තික බැක්ටීරියාව හටගත් බව විශ්වාස කෙරේ. පළමුව යුක්රේනය ආසන්නයේ පිහිටි ක්‍රිමියාවේදී පළමු රෝගීන් හඳුනාගත් අතර එවකට තිබූ වෛද්‍ය විද්‍යාවේ නොදියුණුකම හේතුවෙන් රෝගය සීඝ්‍රයෙන් අසල්වැසි රටවල් කරා ඇදී ආවේය. නමුත් 2018 දී කල නවතම පර්යේෂණයකට අනුව මීට වසර 3000 කට පෙර ස්විඩනයේ තිබූ සමූහ මිනීවලකින් මෙම බැක්ටීරියාව ලොවට අවතීර්න වූ බවට හඳුනා ගනු ලැබීය. එම මතය අද වනවිට පිළිගැනීමට ලක්ව අරත. මෙම රෝගී තත්වය යුරෝපයට කෙතරම් බලපෑමක් කලාද යත් එවකට සිටි ජනගහණයෙන් 30-60% දක්වා පිරිසක් මරණයට පත් වූ බවට අනුමාන කල හැකි බව නොර්වේජියානු ඉතිහාසඥයෙකු වූ Ole Benedictow පවසා ඇත. 14 වන සියවසේදී ලෝක ජනගහනය මිලියන 475 ක් පමණ වූ අතර මෙම මාරාන්තික වසංගත රෝගයෙන් ජනගහණය මිලියන 350–375 අතර ප්‍රමාණයකට සීමා කර ඇත. යුරෝපීය ජාතීන්ට තමන්ගේ පෙර පැවති ජනගහණ සීමාවට පැමිණීමට වසර 200 ක කාලයක් ගත විය.
Yersinia pestis නැමති මීයන්ගෙන් හටගන්නා බැක්ටීරියාවක් මෙම රෝගයේ වාහකයා බවට පත්විය. යුරෝපා මහද්වීපයට රෝගය පැමිණීමට පෙර මෙම බැක්ටීරියාව හේතුවෙන් වරින්වර තුර්කියේ කුර්දිස් ජනයා වසන ප්‍රදේශය,උතුරු ඉංදියාව,අප්‍රිකානු මහද්වීපයේ උගන්ඩාවේද ,චීනයේද වාර්තා වී තිබුණි.
මෙම මහා වසංගතයෙන් ලක්ෂයක්වූ පැරිස් ජනයාගෙන් හරි අඩක් මරණයට පත්විය. ඉතාලියේ ෆලෝරන්ස් නගරයේ ජනගහනයවූ 110000 න් හරි අඩක් 1351 වන විට ඉතිරි විය. ජර්මනියේ Hamburg සහ Bremen යන නගරවල සමස්ත ජනයාගෙන් 60 % ක් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තාවේ. 1346 -1353 අතර කාලයේදී ලංඩනයේ පමණක් 62000 ක ජීවිත උදුරාගෙන තිබුණි. තුර්කිය ඉරානය ඉරාකය හා සිරියාවද මෙම වසංගතයට ගොදුරු වූ අතර යුරෝපයට පසුව වැඩිම ජීවිත හානි සිදුවූයේ මෙම රටවලය. උතුරු අප්‍රිකාවේ ඊජිප්තුවේ ජනගහනයෙන් 30 ක් මරණයට පත්විය.
මෙවන් ව්‍යසනයන් මීට වසර 600 කට පෙර සිදුවූයේ ලෝකයේ වෛද්‍ය විද්‍යාවේ මුලකුරු උගෙන ගන්නා සමයකය. ඉන්පසුව ලෝකය අරක් ගැනීමට පැමිනි HIV ,එබෝලා ,සාර්ස් වැනි වෛරස් රෝගයන්ටද නිසි ප්‍රතිකාර මිනිසා විසින්ම සොයාගත් අතර ඉතිහාසයේ අඳුරු යුග නැවත බිහි නොවීමට වගබලා ගත්තේය. එවන් ජයග්‍රහණ අත් කරගත් ලෝකයක කොරෝනාව යනු නව අභියෝගයක් පමණි. ගතවන හැම තප්පරයකම ලොව පුරා දහස් සංඛ්‍යාත වෛද්‍ය රසායනාගාර තුල මෙම අඩු හානියක් ඇති වෛරසයට එරෙහිව ප්‍රතිජීවක ඖෂධය නිපදවීම වෙනුවෙන් දැඩි උත්සහයක නිරතවේ. මෙවැනි ඉතිහාසයක් අප පසුකර ඇති බව පමණක් සිතන්න.