ලෝක ඉතිහාසයම වසංගත තුලින් මිලකළ නොහැකි ජීවිත බිලියනයක් පමණ උදුරාගෙන ඇත. මිලියන දෙසීයක් පමණ ලෝකවාසීන් මරා දැමු 1347 සිට 1351දක්වා පැවති මහාමාරිය වසංගතයට (Black Death )පසුව ලෝකය නැවත එවන් යුගයකට අවතීර්ණ වන්නේ පළමු ලෝක සංග්‍රාමයෙන් පසුවය. Spanish flu ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් එම වසංගතය මුලින්ම ලොවට දායාද වන්නේ ස්පාඤඤ ප්‍රංශ දේශසීමාවේ පිහිටි හමුදා බැරැක්ක තුලිනි. යුද්ධය පැවති සමයේ බොහෝ හමුදා කඳවුරු තුල පැවතියේ අවම සනීපාරක්ෂක පහසුකම්ය.එඅවන් පරිසරයක දිගු කලක් ජීවත් වූ සෙබළුන් හට යුද්ධයෙන් පශ්චිම සමයේදී තම නිවෙස් කරා යාමට අවස්තාවක් හිමි විය. 1918 නොවැම්බරයේදී පළමු ලෝක මහා සංග්‍රාමය නිමාව දැකීමත් සමගම දීර්ග යුද්ධ කාල වකවානුවක් පසු කල විවිධ රටවල සෙබළුන් නිවෙස් කරා පැමිණියේ අතිශය අන්තරාදායක ඉන්ෆ්ලුවන්සා රෝගයත් දෝතින් ගෙනය. අතිශය අන්තරාදායක වෛරසයක් ලෙස ක්ෂණිකව පැතිර ගිය අතර අවම වශයෙන් මිලියන 50 සිට 100 දක්වා ජනතාවක් එයට බිලිවිය.
1918 සිට 1920 දක්වා කාලය තුල ලොව පුරා ව්‍යාප්ත වූ මෙම වසංගතය ලොව බිහිවූ මාරාන්තිකම වසංගත වලින් එකකි.රටින් රට සිසාරා ගමන් කරමින් මිලියන 500 කට වඩා පිරිසකට වෛරසය ආසාදනය විය. එවකට ජනගහණය ලෙස වාර්තාවූ බිලියන 1.9 න් 27 % ක් මෙම රෝගයට ගොදුරු වීමෙන් එහි ඇති භයානක බව පෙන්නුම් කළේය. එවකට පැවති ලෝක ජනගහනයෙන් 3% ක් මරණයට පත් විය. ඉන්ෆ්ලුවන්සා වෛරස් මගින් බොහෝ දුරට ළදරුවන් හා වයෝවෘධ පුද්ගලයින් මිය යාම සුලභ වුවද Spanish flu නැමති මෙම මාරාන්තික වෛරසයෙන් බහුල වශයෙන් උදුරාගනු ලැබුවේ තරුණ තරුණියන්ය.
ලෝකය පුරා වේගයෙන් පැතිර ගිය මෙම රෝගයෙන් ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශ තුල පමණක් මිලියන 17 ක් මරුමුවට පත් විය. එය ඉන්දීය සමස්ත ජනගනයනේ 5% කි. චීනය තුල මිලියන 5 ත් 9 ත් අතර ප්‍රමාණයක් මිය ගිය බව 1991 සිදු කල පර්යේෂණ වාර්තාවකින් හෙළි විය. ජපානයේ මිලියන 23 ක් රෝගාතුර වූ අතර, ඉන් 390,000 ක් මරුමුවට පත් විය.ඉරානයේ සමස්ත ජනගහනයෙන් 22% ක් පමණ වසංගතයට ගොදුරු වූ අතර මරණ 2,431,000 පමණ සිදු විය. ඇමරිකානු සමස්ත ජනගහනයෙන් 28 % කට වෛරසය ආසාදනය වූ අතර 675,000 ක් පමණ නිය ගියේය. වඩාත්ම හානි සිදු වුයේ ස්වදේශික රතු ඉන්දීය ජනයා වාසය කරන ප්‍රදේශ තුලය. මාරාන්තික වසංගතයට බ්‍රසීල ජනපති Rodrigues Alves පවා ගොදුරු වී මරණයට පත් වූ අතර බ්‍රසීලය පුරා 300,000 ක් පමණ ජනයා අකාලයේ මාරු මුවට පත් විය. ගානා , ඉතියෝපියා සෝමාලියා ඇතුළු අප්‍රිකානු රටවල් ගනාවකද රෝගය පැතිර ගිය අතර දස දහස් ගනනින් මිනිසුන් මිය ගියේය. යුරෝපයේ වැඩිම හානිය ගෙන දුන්නේ ප්‍රංශයටයි. එහිදී ලක්ෂයකට ආසන්න පිරිසක් වසංගතයේ උච්චතම අවස්තාව එළඹී 1918 සීතල ඔක්තෝබරයේදී සිදු විය.
එකම කාලයේ වාර දෙකකදී හටගත් මෙම වසංගතය දෙවන වර ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මරණය උරුම කර දුනි.2006 වසරේ පලකල Journal of Political Economy මගින් මෙම වසංගතය හේතුවෙන් ලොවට හිමි වූ මහා විනාශය පිළිබඳව සවිස්තරාත්මක හෙළිදරව්වක් කර තිබුණි. බොහෝ පිරිසක් සුවය ලැබුවද ශාරීරිකව ඔත්පල වූ අතර , එය ලෝකයේ ප්‍රගමනයට මහත් සේ බලපෑමක් කර තිබුණි. අධ්‍යාපනයේ කඩා වැටීම දශකයක් පමණ ලෝකය පසු පසේට ඇද දමා තිබුණි. සමාජ ආර්ථික අර්බුධ රාශියක් ලොව පුරා නිර්මාණය කළේය. අද ඔබ අප ඉදිරියේ දිස්වෙන කොරෝනා වෛරසය තව දුරත් ලොව පුරා හමා ගිය විට මිනිසා ශාරීරිකව පමණක් නොව සමාජ ආර්ථික වශයෙන්ද දැඩි පිරිහීමකට පත් වීම වැළක්විය නොහැක. 2008 වසරේ ලෝක ආර්ථික අර්බුධය අභිබවා මේ සති තුනට ලෝකය දැවැන්ත ආර්ථික අවපාතයකට මේ වන විට පත් ව ඇති බව ඔබ දන්නවාද ?
උපුටා ගත්තකි – Russell CP Bandarawatta