Breaking News

නිරෝධායන මධ්‍යස්ථානවලට පිට සිටි කොරෝනා රෝගීන්ගේ ළඟම සම්බන්ධතා 1489ක් හඳුනාගෙන

නිරෝධායන මධ්‍යස්ථානවලට පිටින් පෙරේදා (22) දින වන විට හඳුනාගෙන සිටි කොරෝනා ආසාධිතයන් පිරිසේ ළඟම සම්බන්ධතා 1489ක් හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

රෝගය වැළැඳී ඇතැයි 22 වැනිදා වන විට තහවුරු කරගෙන සිටි 78 දෙනාගෙන් 27 දෙනකුම විදේශිකයන් නොවනවා මෙන්ම විදේශයන්ගේ සිට මෙරටට පැමිණි අයද නොවෙති.

එම 78 දෙනා අතර විදේශිකයෝ තිදෙනෙක් සිටිති. ඒ පළමුවට රෝගය වැළඳුණු චීන කාන්තාව, ප්‍රංශ ජාතිකයකු සහ ඉන්දියා ජාතිකයෙකි.

විදේශගතව සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට නොගිය 16 දෙනකුට ද කොරෝනා ආසාධනය වී ඇතැයි සොයාගෙන තිබේ.

මෙම රෝගීන් සමඟ සාකච්ඡා කිරීමේ දී අදාල කාල වකවානුව තුළ ඔවුන් ළඟින්ම ඇසුරු කළ අය ගැන ලබාගත් තොරතුරුවලින් වසංගත රෝග විද්‍යා අංශය ඔවුන්ගේ සම්බන්ධතා ගණනය කර එය එකිනෙකට සම්බන්ධදැයි අධීක්ෂණය කර තිබේ. ඒ අනුව මුල්ම ආසාධිතයන් 78 දෙනාට අදාල කාල වකවානුවේ කිට්ටු සම්බන්ධතා 1489ක් ඇතැයි හඳුනාගෙන තිබේ.

මෙම 1489 දෙනා තව කොපමණ පිරිසක් ඇසුරු කර ඇත්දැයි නිශිතව සංඛ්‍යාලේඛන දක්වා නැත. මෙම පිරිසෙක් කොපමණ ප්‍රමාණයකටය කොරෝනා ආසාධනය වී ඇද්ද යන්න ද තවම සනාථ කරගෙන නැත. ඊට හේතුව අදාල රෝග ලක්ෂණ පෙන්වීමට දින 14 දක්වා වූ කාලයක් ගත වන බැවිනි. ඇතැම් පුද්ගලයන්ගේ ඇඟට රෛසය ඇතුලු වුවද රෝග ලක්ෂණ නොපන්වා තිබිය හැකි අතර එසේ වුවද ඔවුන්ගෙන් අන් අයට බෝවීමේ අවස්ථාව ඇතැයි වෛද්‍යවරු කියති.

පළමු ආසාධිතයන් 78 දෙනාට අදාල තොරතුරු පහත දැක්වේ.

පළමු රෝගියා චීන කාන්තාව 72 කු සමඟ සමීපව සම්බන්ධ වී තිබේ. ඇය හා සම්බන්ධ වූ කිසිවකුට කොරෝනා වැළැඳී ඇතැයි මෙතෙක් තහවුරු කරගෙන නැත.

දෙවැනියා සංචාරක මඟපෙන්වන්නෙකි. ඔහු 56 දෙනකු සමඟ සම්බන්ධ වී ඇති අතර ඔහු ඇසුරු කළ දෙදෙනකුට කොරෝනා වැළැඳී ඇතැයි සොයාගෙන තිබේ. ඒ තුන්වැන්නා වන සංචාරක මඟ පෙන්වන්නා සහ 50 වැනියට තහවුරු කර ගත් පුද්ගලයායි.

තුන් වැනියා ද සංචාරක මඟ පෙන්වන්නකු වන අතර ඔහු දෙවැනියට තහවුරු කර ගත් සංචාරක මඟ පෙන්වන්නා ඇසුරු කර තිබේ. ඔහු ළඟින් ඇසුරු කර ඇතැයි ගියන සංඛ්‍යාව 17 දෙනෙකි. 11, 29, සහ 42 යන කොරෝනා ආසාධිතයැයි තහවුරු කර ගත් පුද්ගලයන් ද තුන් වැනියා ළඟින් ඇසුරු කර තිබේ.

හතර වැන්නා ජර්මනියේ සිට පැමිණි පුද්ගලයෙකි. ඔහු දෙදෙනකු ඇසුරු කර තිබෙන අතර ඉන් අයකුට කොරෝනා ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබේ. ඒ 12 වැනියට තහවුරු කර ගත් පුද්ගලයාය.

පස් වැනියට, හය වැනියට සහ හත් වැනියට කොරෝනා වැළැඳී ඇතැයි තහවුරු කර ගත් පුද්ගලයන් තිදෙනාම ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයෝය. නිරෝධායන මධ්‍යස්ථානවල සිටි නිසු ඔවුන් ළඟින් කිසිවෙකුත් ඇසුරු කර නැත.

අට වැනියා ද ඉතාලියේ සිට පැමිණ ඇති අතර ඔහු ගුවන්තොටේ සිට කෙලින්ම නිරෝධායනයට යොමු නොකළ පුද්ගලයෙකි. එනිසා ඔහු 13 දෙනකු ඇසුරු කර තිබුණි. ඒ අතුරෙන් එක් අයකුට කොරෝනා වැළැඳී ඇතැයි තහවුරු කරගෙන තිබෙන අතර ඒ 21 වැනියට සොයා ගත් කොරෝනා ආසාධිතයාය.

නව වැන්නා ද ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියකු වන අතර එනිසා ළඟින් කිසිවකු ඇසුරු කර නැත.

10 වැනි දා ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු නොකළ අයකු වන අතර ඔහු 12 දෙනකු ඇසුරු කර තිබේ. ඔහු ඇසුරු කළ පුද්ගලයන්ට කොරෝනා වැළැඳී ඇතැයි මෙතෙක් තහවුරු වී නැත.

11 වැනියට කොරෝනා ආසාධනය වී ඇතැයි තහවුරු කර ගත් පුද්ගලයා තුන් වැනි කොරෝනා ආසාධිතයා ඇසුරු කළ අයෙකි. 11 වැනි තවත් 12 දෙනකු ඇසුරු කර ඇතැයි සොයාගෙන තිබෙන අතර ඉන් දෙදෙනකුට කොරෝනා ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබේ. 29 වැනියා හා 42 වැනි යාය.

12 වැනි යට තහවුරු කර ගත් පුද්ගලයා ජර්මනියේ සිට පැමිණ ඇති අතර ඔහු ද ගුවන් තොටෙන් නිරෝධායනයට යොමු නොකළ පුද්ගලයෙකි. එම කොරෝනා ආසාධිතයා ඇසුරු කර ඇති පුද්ගලයන් ගණන 11කි.

මොහු ඇසුරු කළ පුද්ගලයන්ගෙන් එක් පුද්ගලයකුට කොරෝනා වැළැඳී ඇතැයි මේ වන විට තහවුරු වී තිබේ. ඒ කොරෝනා යැයි තහවුරු වූ 31 වැනියාය. හතර වැනි අංකයේ සඳහන් කළ ජර්මනියේ සිට පැමිණි පුද්ගලයාව ද මෙම 12 වැනි පුද්ගලයා ඇසුරු කර තිබේ. (දෙනොම පැමිණ ඇත්තේ ජර්මනියේ සිටය.)

13 වැනි කොරෝනා ආසාධිතයාගේ සිට 19 වැනි කොරෝනා ආසාදිතයා දක්වා සියලුම දෙනා ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල පසුවූවවෝය. එනිසා ඔවුන් කිසිවකු ළඟින් ඇසුරු කර නැත.

20 වැනි දා එක්සත් රාජධානියේ සිට පැමිණි අයෙකි. ඔහු 17 දෙනකු සමඟ සම්බන්ධතා පවත්වා ඇතත් ඒ අතුරින් කිසිවකුටත් කොරෝනා ආසාධනය වී ඇතැයි මෙතෙක් තහවුරු වී නැත.

කොරෝනා ආසාධනය වී ඇතැයි 21 වැනියට සොයා ගත් පුද්ගලයා මීට පෙර සඳහන් කළ ඉතාලියේ සිට පැමිණි 08 වැනියා ඇසුරු කළ අයෙකි. 21 වැනියා 20 දෙනකු ආශ්‍රය කර ඇතැයි සොයාගෙන තිබේ.

කොරෝනා ආසාධනය වී ඇතැයි 22 වැනියට තහවුරු කර ගත් පුද්ගලයා කටුනායක ගුවත් තොටුපොළේ දී නිරෝධායනයට යොමු කළ ඉතාලි ජාතිකයන් සමඟ කෙලින්ම සම්බන්ධ වූ පුද්ගලයෙකි. (හමුදා සාමාජිකයා) ඔහු 44 දෙනකු ඇසුරු කර තිබේ.

23 වැනියාගේ සිට 26 වැනියා දක්වා හතර දෙනා ඉතාලියේ සිට පැමිණි පුද්ලයන් වන අතර ඔවුහු ගුවන් තොටේ සිට නිරෝධායනයට යොමු කරනු ලැබූ අය වෙති.

කොරෝනා ආසාධනය වී ඇතැයි 27 වැනියට තහවුරු කර ගත් පුද්ගලයා . ඉතාලියේ සහ සිංගප්පූරුවේ සිට පැමිණි බව සඳහන් වෙයි. ඔහු 262 කු සමඟ සම්බන්ධතා පවත්වා තිබේ.

28 වැනියා ඉන්දියාවේ සිට පැමිණි ඉන්දියා ජාතිකයෙකි. ඔහු 10 දෙකු සමඟ සම්බන්ධතා පවත්වා ඇති අතර ඉන් එක් අයකුට කොරෝනා ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබේ. ඒ 46 වැනියට හඳුනා ගත් කොරෝනා ආසාධිතයාය.

කොරෝනා ආසාධනය වී ඇතැයි 29 වැනියට තහවුරු කර ගත් පුද්ගලයා මීට පෙර කොරෝනා වැළඳුණු බවට තහවුරු කර ගත් තුන් වැනියා සහ 11 වැනියා අතර සම්බන්ධතා පවත්වා ඇති. 29 වැනි යා ඇසුරු කළ ගණන 50 කි. ඒ අතුරින් අයකුට කොරෝනා ආසාධනය වී ඇතැයි තහවුරු කරගෙන තිබේ. ඒ 42වැනියට තහවුරු කර ගත් පුද්ගලයාය.

30 වැනි යා සංචාරක කණ්ඩායමක් සමඟ සම්බන්ධ වූවකු වන අතර ඔහු ඇසුරු කළ පිරිස 76කි. ඒ අතුරින් දෙදෙනකුට කොරෝනා වැළඳී ඇතැයි තහවුරුකරගෙන තිබේ. ඔවුන් දෙදෙනා වන්නේ 49 වැනියට තහවුරු කර ගත් පුද්ගලයා සහ 69 වෙනියට තහවුරු කර ගත් පුද්ගලයාය.

කොරෝනා ආසාධනය වි ඇතැයි 31 වැනියට තහවුරු කර ගත් පුද්ගලයා මීට පෙර කොරෝනා ආසාධනය වි ඇතැයි තහවුරු කර ගත් 12 වැනියා ඇසුරු කළ අයකු වන අතර 31 වැනි දා තවත් 10 දෙනකු ඇසුරු කර තිබේ.

32වැනි 33 වැනි සහ 34 වැනි ආසාධිතයන් ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වල පසුවූවෝය.

35 වැනි පුද්ගලයා එක්සත් රාජධානියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයේ පසුවූවෙකි.

කොරෝනා ආසාධනය වී ඇතැයි තහවුරු වූ 36 වැනි යා කටාර් සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකි. ඔහු නිරෝධායන මධ්‍යස්ථානයකට මුලින්ම යොමු නොකළ අයකු වන අතර ඔහු සම්බන්ධ වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 37කි.

38 වැනි ආසාධිතයා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි අයෙකි. ඔහුද නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු නොකළ අයෙකි. ඔහු පුද්ලයන් 17 දෙනකු සමඟ සෘජුව සම්බන්ධ වී තිබේ.

39 වැනි යා සංචාරක කණ්ඩායමක් සමඟ ගනුදෙනු කළ අයකු වන අතර ඔහු සම්බන්ධ වූ පුද්ගලයන් සංඛ්‍යාව 11 දෙනෙකි.

40 වැන්නා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වෛද්‍ය ඒකකය සමඟ ගනුදෙනු කළ අයකු වන අතර ඔහු ඇසුරු කර ඇති සංඛ්‍යාව 50 දෙනෙකි.

41 වැන්නාට රෝගය වැළඳී ඇත්තේ කාගෙන්දැයි තහවුරු වී නැති අතර ඔහු 220 දෙනකු සමඟ සම්බන්ධතා පවත්වා තිබේ.

කොරෝනා ආසාධනය වූ බවට 42ට තහවුරු වූ පුද්ගලයා තුන් වැනි ආසාධිතයාත්, 11 වැනි ආසාධිතයාත් 29 වැනි ආසාධිතයාත් සමඟ සම්බන්ධ වි තිබෙන අතර ඔහු ඇසුරු කළ ගණන 11කි

43 වැන්නා ඉන්දියාවේ සිට පැමිණි අයකු වන අතර ඔහු හය දෙනකු ඇසුරු කර තිබේ. ඒ අතුරින් එක් අයකුට කොරෝනා ආසාධනය වී ඇතැයි තහවුරු විය. තහවුරු වූ පුද්ගලයා 52වැනි ආසාධිතයාය.

44 වැනි ආසාධිතයා 16 දෙනකු සමඟ සම්බන්ධ වී ඇති අතර ඒ අතුරින් තිදෙනකුට කොරෝනා ආසාධනය වී ඇතැහි තහවුරු විය. ඒ 45 වැනි ආසාධිතයා , 57 වැනි ආසාධිතයා සහ 63 වැනි ආසාධිතයාය.

45 වැනි ආසාධිතයා 44 වැනි ආසාධිතයා සමඟ සම්බන්ධ වී ඇති අතර තවත් 12 දෙනකු ඇසුරු කර තිබේ. ඒ අතුරෙන් දෙදෙනකුට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වී තිබේ. ඔවුන් දෙදෙනා 57 වැනියා සහ 63 වැනි යාය.

කොරෝනා ආසාධිත බවට 46 වැනියට තහවුරු වූ පුද්ගලයා ප්‍රංශයේ සිට පැමිණි ප්‍රංශ ජාතිකයෙකි. ඔහු ඇසුරු කර ඇති සංඛ්‍යාව 3 2කි. ඒ අතර 28 වැනියා ද සිටියි.

47 වැනි යා ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ අයෙකි.

48 වැනියා සංචාරක කණ්ඩායමක් ඇසුරු කළ අයකු වන අතර ඔහු තවත් පස් දෙනකු ඇසුරු කළ ඇතැයි සඳහන්වේ.

49 වැනි ආසාධිතයා 30 වැනි යා ඇසුරු කර ඇති ඇත. අදාල කාල වකවානුවේ දී ඔහු ළඟින් ඇසුරු කළ ගණන පස් දෙනෙකි.

50 වැනි ආසාධිතයා දෙවැනි අසාධිතයා ඇසුරු කළ අයෙකි. 50 වැනියා ඇසුරු කර ඇති මුළු සංඛ්‍යාව 66 දෙනෙකි.

51 වැනි ආසාධිතයා 35 දෙනකු අසුරු කර ඇති අතර එම පිරිස අතර 66 වැනි ආසාධිතයා ද සිටියි. 51 වැනි යා සහ 66 වැනියාට රෝගය ආසාධනය වන්නට ඇත්තේ කාගෙන්දැයි තවමත් නිසි ලෙස තහවුරු කරගෙන නැත.

52 වැනි ආසාධිතයා ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයකු වන අතර ඔහු 43 වැනි ආසාධිතයා ඇසුරු කර තිබේ. 52 වැනි යා ළඟින් ඇසුරු කර ඇති සංඛ්‍යාව දෙදෙනකු බව කියැවේ.

54 වැනි යා ඉතාලියේ සිට පැමිණි පුද්ගලයකු සමඟ කටයුතු කර ඇති බවට තොරතුරු ඇත. ඔහු ඇසුරු කළ ගණන 18 දෙනකු වන අතර ඉන් හතර දෙනකුට කොරෝනා ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබේ. 58 වැනි යා, 59 වැනියා, 64 වැනි යා සහ 65 වැනියා ඔවුහුය.

කොරෝනා ආසාධනය වී ඇතැයි 55 වැනියා මීට පෙර තහවුරු වූ 31 වැනියා සමඟ සම්බන්ධතා පවත්වා ඇති අතර 55 වැනියා ඇසුරු කළ පිරිස 10 දෙනෙකි. ඒ අතර 56 වැනි ආසාධිතයා ද සිටියි.

56 වැනි ආසාධිතයා ද 31 වැනි ආසාධිතයා සමඟ සම්බන්ධතා පැවැත්වූ අයෙකි. ඔහු 55 වැනි ආසාධිතයා සමගද සම්බන්ධතා පවත්වා ඇති අතර ඔහුගේ මුළු සම්බන්ධතා ප්‍රමාණය 30කි.

57 වැනි ආසාධිතයා ඉතාලියේ සිට පැමිණි අයෙකි. 44 වැනි ආසාධිතයා සහ 45 වැනි ආසාධිතයා ඇසුරු කර ඇති අතර ඇසුරු කළ මුළු සංඛ්‍යාව 10කි. ඒ අතර 63 වැනි ආසාධිතයා ද සිටියි.

58 වැනි ආසාධිතයා 54 වැනියා සමඟ සම්බන්ධතා පවත්වා ඇති අතර ඔහුගේ මුළු සම්බන්ධතා ගණන අට දෙනෙකි. ඒ අතුරෙන් තවත් කොරෝනා ආසාධිතයින් තිදෙනෙක් සිටිති. ඒ 64, 65 සහ 71 වැනියාය.

59 වැනි යා 54 වැනියා ඇසුරු කළ අයෙකි. 59 වැනියාගේ මුළු සෘජු සම්බන්ධතා ගණන 42කි.

කොරෝනා ආසාධනය වී ඇතැයි තහවුරු වූ 60 වැනි යා ඇසුරු කළ මුළු ගණන 20 දෙනෙකි. ඔහු මීට පෙර තහවුරු කර ගත් 30 වැනියා සහ 49 වැනියා ඇසුරු කර තිබේ.

61 වැනි සහ 62 වැනි ආසාධිතයින් දෙදෙනා ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල පසුවූවවෝය.

63 වැනියා ද ඉතාලියේ සිට පැමිණ ඇතත් ඔහු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර නොතිබුණු අතර ඔහුගේ සම්බන්ධතා ගණන 15කි. 44 වැනියා ද, 45 වැනියා සහ 57 වැනි යා ද ඔහු ඇසුරු කළ අය අතර සිටිති.

64 වැනි යා 54 වැනි යා සමග සහ 58 වැනියා සමඟත් 65 වැනි ආසාධිතයා සමඟත් සම්බන්ධතා පවත්වා තිබේ.

65 වැනි ආසාධිතයා 54, 58 සහ 65 වැනි ආසාධිතයන් ඇසුරු කර ඇති අතර ඔහු ඇසුරු කර ඇති මුළු ගණන 10කි.

66 වැනි ආසාධිතයා මීට පෙර ආසාධිත බව හඳුනා ගත් 51 වැනියා සමඟ සම්බන්ධතා පවත්වා තිබේ. 66 වැනියා සම්බන්ධතා පැවැත්වූ මුළු ගණන 184කි.

67, 68 සහ 69 වැනි යා ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල පසුවූවෝය.

70 වැනියා පකිස්තානයේ සිට පැමිණ ඇති අතර ඔහු අසුරු කළ සංඛ්‍යාව 13 දෙනෙකි.

71 වැනි ආසාධිතයා කළින් ආසාධනය වූ 58 වැනියා ඇසුරු කළ අයෙකි. ඔහු ඇසුරු කර ඇති මුළු ගණන හතර දෙනෙකි.

72 වැනි ආසාධිතයා එක්සත් රාජධානියේ සිට පැමිණි අයකු වන අතර ඔහු 15 දෙනකු ආශ්‍රය කර තිබේ.

73 වැනියා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට නිරාවරණය වූ අයෙකි.

74 වැනියා, 75 වැනියා, 76 වැනියා සහ 77 වැනි යා ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල පසුවූ වෙති.

78 වැනියා එක්සත් රාජධානියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක පසුවූවෙකි.

leave a reply