අපිට ඉටුකරන්න විප්ලවාදී කාර්ය භාරයක් තියෙනවා – ඉතාලිය බලා පිටත්ව යන කියුබානු වෛද්‍ය කණ්ඩායම කියයි

කොරෝනා වසංගතය දරුණු ලෙස පැතිර යන ඉතාලියේ ලොම්බර්දී ප්‍රදේශයෙන් ලැබුණු ඉල්ලීමක් පරිදි තම රටේ වෛද්‍යවරුන් සහ හෙදියන් කණ්ඩායමක් ඉතාලියට පිටත්කර හරි බව කියුබාව පවසයි.

1959 වසරේ සිදුවූ කියුබානු විප්ලවයෙන් පසු ලොව පුරා රටවලට වෛද්‍යාධාර සැපයීම කියුබාව විසින් සිදුකරයි. හයිටියේ පැතිර ගිය කොලරා වසංගතය අවස්ථාවේ සහ බටහිර අප්‍රිකාවේ පැතිර ගිය එබෝලා වසංගතය අවස්ථාවේ ඒවාට එරෙහිව සටන් කිරීමට කියුබානු වෛද්‍ය කණ්ඩායම් විශාල දායකත්වයක් දක්වනු ලැබුණි.

නමුත් ලෝකයේ ධනවත් රටක් ලෙස සැළකෙන ඉතාලියට, කියුබානු වෛද්‍ය කණ්ඩායමක් යන ප්‍රථම අවස්ථාව මෙය වේ.

ඉතාලියට අමතරව වෙනිසුයිලාව, නිකරගුවා, ජැමෙයිකා, ග්‍රෙනඩා යන රටවලටත් වෛද්‍ය කණ්ඩායම් යැවීමට කියුබාව පියවර ගෙන ඇත.

රොයිටර් පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ඉතාලිය බලා යන කණ්ඩායමේ කියුබානු වෛද්‍යවරයෙක් වන ලියනාඩෝ ෆර්ඩිනෑන්ඩ්ස් පවසා ඇත්තේ ” අපි හැමෝටම බියක් දැනෙනවා. ඒත් අපට ඉටු කරන්න විප්ලවවාදී කාර්යභාරයක් තියෙනවා, ඒ නිසා අපි බය ගැන සළකන්නේ නැහැ”

කියුබාව පසුගිය සතියේ කිසිදු රටක් බාරගැනීමට අකමැතිවූ කොරෝනා ආසාදිතයින් රැගත් බ්‍රිතාන්‍ය නෞකාවක් තම රටට ගෙන්වාගෙන ඔවුන්ට සහන සලසා තිබුණි.

එසේම කියුබාව තුල කොරෝනා අසාදිතන් සංඛ්‍යාව 25දක්වා ඉහළ ගොස් තිබුණා. කියුබා ජනාධිපති මිගෙල් ඩයස්-කැනල් සිකුරාදා රෑ නිවේදනය කළේ රටේ දේශසීමා අඟහරුවාදා සිට විදේශීකයන් සඳහා වසා තබන බවයි.

එසේම කියුබානු වෛද්‍යවරුන් සහ වෛද්‍ය සිසුන් දහස් ගණනක් ගෙයින් ගෙට ගොස් තම රටේ වැසියන් පරික්ෂාවට ලක් කරන බව වාර්තා වේ.

http://www.radiorebelde.cu/noticia/medicos-cubanos-rumbo-italia-20200321/?fbclid=IwAR1nGrxUA2-LHy70tHAul58BI6t-_Rn9NbRcEC9FDqwfZX-GpRyWatlIlxM

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...