ආණ්ඩුව ලොකු ප්‍රචාරයක් දෙමින්, ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මුලසුන හිඳිමින්, ජුනි 14 වනදා ගෝල්ෆේස් පිට්ටනියේ ලොකු වැඩක් කලා මතකද? රාජ්‍ය අනුග්‍රහය දෙමින් ලෝක වාර්තාවක් තිබ්බ කිව්වා මතකද?
ඒක මොකක්ද? තවමත් මතකයට ආවේ නැත්නම් මතක් කරගන්න.
ලෝකයේ වැඩිම ශිෂ්‍යයන් පිරිසක් සහභාගි වූ භරත නාට්‍ය වැඩමුළුව තමයි ඒ වැඩේ. ආණ්ඩුවට දරදිය අදින මාධ්‍ය ඒ දවස්වල මේක හොඳ හැටි නග්ගලා තිබ්බා.
මොකටද මේක කළේ? ගිනස් වාර්තාවක් පිහිටවන්න.
ඉතින් හොඳයි නේ..
හොඳයි තමයි ඒක අපිට ලැබුන නම්. මේ වැඩේට ප්‍රධානත්වය ගත්තේ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් ඊට අමතරව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ…. තවත් අය හිටියා.
රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩේ කළත් ගිනස් වාර්තාව අපේ නමට ලැබුණේ නැහැ …
එහෙමනම් ඒක කාටද ලැබුණේ .
ශ්‍රී ලංකා රාජ්‍යයේ අනුග්‍රහයෙන් වැඩේ කළාට ගිනස් සහතිකයේ අයිතිකාරයා වෙලා තියෙන්නේ සංගමන් ග්ලෝබල් ඇකඩමි කියන ඉන්දියන් සමාගම.මහින්ද ජයසිංහල සුන්දරලිංගම්ලා බර ඇදලා තියෙන්නේ ඉන්දීය සමාගමක් නමට ගිණුස් වාර්තාවක් අරන් දෙන්න.
තිරය පිටිපස්සෙන් වැඩේ වෙන්නේ ඔහොමයි කියලයි කියන්නේ..
මේක අතින් කාලා හරක් බලපු වැඩක්. ඒක එහෙම විතරක් උනානම් කමක් නැහැ කියමුකෝ . මුං ඒ වැඩේ අස්සේ දරුවන්වත් කොල්ල කාලා. ඒක එතනින් නවත්තල නැහැ. ඉස්සරහටත් කොල්ල කන්න වැඩේ සැලසුම්කරලා.
සිසුන් 5000 පමණ වැඩේට සහභාගි වෙලා තියනවා. එක් දරුවෙක්ගෙන් රුපියල් 5000ක් අය කරලා. ඒ විතරක් නෙමෙයි. ලෝගෝ එකට සහතිකයට මුදල් අයකරනවා. ඒවත් සියේ දෙසීය එහෙම නෙමෙයි. ලෝගෝ එකට 3450.00. සහතිකයට 2350.00 යි. තවත් මොන මොනවද එකතු කරන්න තියෙනවා කියලා දැනුම් දීලත්තියෙනවා.
මේ ඔක්කොම වියදම් දරලා අන්තිමේදී අපේ රටේ නමට ගිනස් වාර්තාව තිබුණනම් ඒත් කමක් නැහැ . හැබැයි ඒකත් ලියවෙන්නේ ඉන්දියන් සමාගමක් නමට.
රජ අනුග්‍රහයෙන් මේක ඇතුළේ බරපතල මූල්‍යමය වංචාවක් සිද්ධ වෙලා තිබෙන බව තමයි මේ කරුණුවලින් හෙළිදරව් වෙන්නේ.අද ජන අරගල සන්ධානය මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ට පැමිණිල්ලක් කළා.ඒ පැමිණිල්ලේ වගඋත්තර කාරයා වෙන්නේ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම්.
වංචා දූෂණ වලට එරෙහි මේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් මොකද කියන්නේ ? කැතක්, ලැජ්ජාවක්, කිරිකිතයක් දැනෙනවනම් ඉක්මනටම මීට අදාලව ස්ථාවරය ප්‍රකාශ කරන්න ඕනා. ඒ වගේම මේ සිදුවීම සම්බන්ධ පැහැදිලි අදහසක් සමාජයට ලබා දෙන්න ඕන.










