ගිං ගඟේ පාවුනු සිරුර පොලිස් ඝාතනයක්ද?

ජුනි 24 දින ගාල්ල ගිං ගඟේ පාවෙමින් තිබියදී සොයා ගන්නා ලද 29 හැවිරිදි තාරුක විරාජ් රශ්මික ද සිල්වාගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීමේ සඳහන් කරන්නේ නීති විරෝධී ආකාරයෙන් අත්අඩංගුවට ගෙන ඇති විරාජ් රශ්මික ද සිල්වා 2026 ජුනි 20 හෝ ඒ ආසන්න දිනෙක බද්දේගම පොලීසියට රැගෙන ගොස් ඇති බවත්, ඒ බව එම අවස්ථාවේ බද්දේගම පොලිස් භාරයේ සිටි දේවගේ විහඟ දිනෙත් ජයසිංහ හඳුනාගෙන ඇති බවත්ය.

විරාජ් රශ්මික ද සිල්වාගේ දේහය හමුවන තෙක් ඔහුව අත්අඩංගුවට ගත් බවට පවුලේ සාමාජිකයන්ට දැනුම් දීමක්, නිල සටහන් යෙදීමක් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමක් කර නැති බවත් එහි සඳහන් කර තිබේ.

එමෙන්ම මියගිය පුද්ගලයාව පොලිස් ස්ථානයේදී දුටු දේවගේ විහඟ දිනෙත් ජයසිංහ ජුනි 24 දින මත්ද්‍රව්‍ය චෝදනාවක් යටතේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇති බවත්, ඒ නිසා ප්‍රධාන සාක්ෂිකරුවා වන ඔහුගේ ශාරීරික ආරක්ෂාව තහවුරු කිරීමට වහාම පියවර ගන්නා ලෙසත්, ඔහුට එරෙහිව සිදුවිය හැකි ඕනෑම ආකාරයක පළිගැනීමක් හෝ තර්ජනයක් වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් ඒ මගින් වැඩිදුරටත් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...