ගිං ගඟේ පාවුනු සිරුර පොලිස් ඝාතනයක්ද?

ජුනි 24 දින ගාල්ල ගිං ගඟේ පාවෙමින් තිබියදී සොයා ගන්නා ලද 29 හැවිරිදි තාරුක විරාජ් රශ්මික ද සිල්වාගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීමේ සඳහන් කරන්නේ නීති විරෝධී ආකාරයෙන් අත්අඩංගුවට ගෙන ඇති විරාජ් රශ්මික ද සිල්වා 2026 ජුනි 20 හෝ ඒ ආසන්න දිනෙක බද්දේගම පොලීසියට රැගෙන ගොස් ඇති බවත්, ඒ බව එම අවස්ථාවේ බද්දේගම පොලිස් භාරයේ සිටි දේවගේ විහඟ දිනෙත් ජයසිංහ හඳුනාගෙන ඇති බවත්ය.

විරාජ් රශ්මික ද සිල්වාගේ දේහය හමුවන තෙක් ඔහුව අත්අඩංගුවට ගත් බවට පවුලේ සාමාජිකයන්ට දැනුම් දීමක්, නිල සටහන් යෙදීමක් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමක් කර නැති බවත් එහි සඳහන් කර තිබේ.

එමෙන්ම මියගිය පුද්ගලයාව පොලිස් ස්ථානයේදී දුටු දේවගේ විහඟ දිනෙත් ජයසිංහ ජුනි 24 දින මත්ද්‍රව්‍ය චෝදනාවක් යටතේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇති බවත්, ඒ නිසා ප්‍රධාන සාක්ෂිකරුවා වන ඔහුගේ ශාරීරික ආරක්ෂාව තහවුරු කිරීමට වහාම පියවර ගන්නා ලෙසත්, ඔහුට එරෙහිව සිදුවිය හැකි ඕනෑම ආකාරයක පළිගැනීමක් හෝ තර්ජනයක් වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් ඒ මගින් වැඩිදුරටත් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...