වැට් බදු සශෝධනය සම්මතයි

එකතු කළ අගය මත මත (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2482/09 සහ 2487/02 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රවල පළ කරනු ලැබූ නියමයන් දෙකක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2487/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේදී ඊයේ පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය.

මේ පිළිබඳ විවාදය අද පෙරවරු 11.30 පස්වරු 6.00 දක්වා පැවැත්විණ.
එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා අදාළ වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් කෝටි 6 ( මිලියන 60) සිට රුපියල් තුන් කෝටි තිස් හය ලක්ෂයක් ( මිලියන 36) දක්වා අඩු කෙරෙන අයවැය යෝජනාව ලබන මස 01 වැනිදා සිට ක්‍රියාත්මක නොකරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මෙහිදී පවසා තිබේ.#

ඒ අනුව, එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා දැනට පවතින රුපියල් රුපියල් කෝටි 6 ක (මිලියන 60ක) වාර්ෂික පිරිවැටුම් සීමාව තවදුරටත් බල පැවැත්වෙනු ඇත.

ආර්ථික විශ්ලේෂකයන් පවසන පරිදි මෙම බදු සීමාව මිලියන 36 දක්වා පහත දැම්මේ නම් එය අපේ රටේ කුඩා පරිමාණ ව්‍යාපාරිකයාට මෙන්ම පාරිභෝගිකයාටද දැරිය නොහැකි පීඩනයක් එල්ල කිරීමට ඉඩ තිබුණි. නමුත් ආණ්ඩුව එය අකුලා ගනු ලැබුවේ ජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවෙයි.

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...