වැට් බදු සශෝධනය සම්මතයි

එකතු කළ අගය මත මත (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2482/09 සහ 2487/02 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රවල පළ කරනු ලැබූ නියමයන් දෙකක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2487/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේදී ඊයේ පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය.

මේ පිළිබඳ විවාදය අද පෙරවරු 11.30 පස්වරු 6.00 දක්වා පැවැත්විණ.
එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා අදාළ වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් කෝටි 6 ( මිලියන 60) සිට රුපියල් තුන් කෝටි තිස් හය ලක්ෂයක් ( මිලියන 36) දක්වා අඩු කෙරෙන අයවැය යෝජනාව ලබන මස 01 වැනිදා සිට ක්‍රියාත්මක නොකරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මෙහිදී පවසා තිබේ.#

ඒ අනුව, එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා දැනට පවතින රුපියල් රුපියල් කෝටි 6 ක (මිලියන 60ක) වාර්ෂික පිරිවැටුම් සීමාව තවදුරටත් බල පැවැත්වෙනු ඇත.

ආර්ථික විශ්ලේෂකයන් පවසන පරිදි මෙම බදු සීමාව මිලියන 36 දක්වා පහත දැම්මේ නම් එය අපේ රටේ කුඩා පරිමාණ ව්‍යාපාරිකයාට මෙන්ම පාරිභෝගිකයාටද දැරිය නොහැකි පීඩනයක් එල්ල කිරීමට ඉඩ තිබුණි. නමුත් ආණ්ඩුව එය අකුලා ගනු ලැබුවේ ජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවෙයි.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...