වී මිලදී ගැනීම ගැන ආණ්ඩුව පරණ බයිලාවම ගහයි

යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ. යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ සාකච්ඡාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පසුගිය වසරේ යල කන්නයේ මිලදී ගත් වී තොග තවමත් ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළට යොමු නොවීම ගැටලුවක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ගබඩා නිදහස් කර ගැනීම වෙනුවෙන් ගෙන ඇති පියවර සහ ඒ සඳහා වන යෝජනා පිළිබඳවද විමසා තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් පවතින ගබඩාවල තත්ත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ගබඩාවල තත්ත්වය සහ ආරක්ෂිත තොග පිළිබඳව නිවැරදි දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම මගින් ඉදිරියේදී මතුවිය හැකි මෙවැනි ගැටලු මගහරවා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් දී ඇති බව පැවසේ.
විශේෂයෙන්ම ඇති විය හැකි දේශගුණික තත්ත්වයන් මත ආරක්ෂිත වී තොග පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත්, එය සාමාන්‍ය ක්‍රියාවලිය තුළ නොව, විශේෂ අවධානයට ලක්විය යුතු කරුණක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

වී සහ මිලදී ගැනීමේ ප්‍රශ්නය විසදීම සහ සහල් මාෆියාව දන ගැස්සවීමේ කතාවට අදාළව අනුර කුමාර දිසානායකලාට පැවති ප්‍රධාන විසදුමක් වූවේ ගබඩා පහසුකම් වැඩි කිරීමයි. එසේම වී අතිරික්තයක් පවතින බව සහ හාල් මෝල් හිමියන් සහල් සඟවාගෙන සිටින බවට එල්ල වූ චෝදනාවලදී ආණ්ඩුව පැවසුවේ වී තොග සම්බන්ධ නිවැරදි දත්ත නැති බවයි. දැන් ආණ්ඩුවට වසර දෙකක් පමණ ගත වී තිබේ. තවමත් ආණ්ඩුවට පැවසීමට ඇත්තේ ආණ්ඩුව ගන්නා මොහොතේ කිවූ දේවල්මයි. අලුතින් කිසිවක් ක්‍රියාවට නැගූ බව පෙනෙන්නට නැත.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...