Breaking News

X-Press Pearl සහ චරිත් – රඛිත

සමගි ජන බලවේගයේ අජිත් p පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා X-Press Pearl නෞකාවේ විනාශය පිළිබඳව සහ ඒ වෙනුවෙන් ලැබෙන්නට තිබුණු වන්දි මුදල නොලැබීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී කතා කළා. ඔහු එහිදී පෙන්වා දෙන්න උත්සාහ කළේ X-Press Pearl නෞකා ඛේදවාචකයා සිදුවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ගෙනගිය නීතිමය කටයුතුවලදී යම් කණ්ඩායමක් බලපෑම් සහගතව ඊට මැදිහත් වූ බවයි. එසේ නීතිමය කටයුතුවලට බලපෑම් කළ කණ්ඩායම (ඊයේ ඒ කියන්නේ ජුනි 25 වනදා සිදුවීමට සම්බන්ධ පිරිස ලෙසත් ඔහු ප්‍රකාශ කරනවා).

ඒ අනුව ඊයේ සිදුවීම ලෙස ඔහු පෙන්වා දෙන්නේ චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ ඇතුළු තිදෙනෙක් නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ඝාතනය කිරීමෙන් වළක්වා ගැනීම සඳහා අල්ලස් මුදල් ලබා ගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමයි.

අද උදෑසන සමග ජන බලවේගයේ චරිත් අබේසිංහව එම පක්‍ෂයේ සියලුම තනතුරු වලින් ඉවත් කර දමනවා. මේ අතර සමගි ජන බලවේගයේ ගම්පහ සංවිධායක වරුණ රාජපක්ෂ මාධ්‍ය හමුවක් තියෙනවා. එහිදී ඔහු ප්‍රකාශ කරන්නේ අල්ලස් චෝදනා එල්ල වී තිබෙන කාලයේදී චරිත් අබේසිංහ තම පක්‍ෂයේ කටයුතු නොකළබවයි. එම කාලයේදී චරිත් අබේසිංහ වැඩ කළේ විජයදාස රාජපක්ෂගේ කාර්යාලයේ බවත් ඔහු ඒ වන විට එහි ලේකම්වරයකු බවත් ප්‍රකාශකරනවා.ඒ නිසා ඒ ප්‍රශ්නය අපට අදාළ නැහැ . අපි දැන් ඔහුව තනතුරු වලින් ඉවත් කරලා තියෙන්නේ කියන එක තමයි වර්ණ රාජපක්ෂ සමාජගත කරන්න උත්සාහ කරන්නේ.

අජිත් p පෙරේරත්, වරුණ රාජපක්ෂත් දෙන්නම නියෝජනය කරන්නේ සමගි ජන බලවේගය. මේ දෙන්න කියන්නේ කතා දෙකක්.අජිත් p පෙරේරා X-Press Pearl ට අදාළ වන්දි මුදල් ලබා ගැනීමේදී අල්ලසක් ලබාගෙන රටට ලැබීමට නියමිතව තිබුණු වන්දි මුදල අඩු කරමින් හෝ ඊට වෙන යම් බලපෑමක් සිද්ධ කරමින් කටයුතු කළ බවක් ප්‍රකාශ කරන්නේ චරිත අබේසිංහ ඇතුළු කණ්ඩායම. අජිත් පී පෙරේරාගේ මේ කතාවෙන් පැහැදිලි වෙන එක් කාරණයක් තමයි චරිත් අබේසිංහ වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයෙක් බව ඔවුන් කලින් සිටම දැනන සිටි බව.

එපමණක් ද නොව චරිත් අබේසිංහ යනු එංගලන්තයේදී මුදල් විශුද්ධිකරණයට වරදකරු වී වසර හතරක් දඬුවම් ලබා ලංකාවට පිටු හාල් කළ පුද්ගලයෙක්. චරිත් අබේසිංහල සමගි ජන බලවේගයට වද්දා ගන්නා විට මේ සියලු කාරණා ඔවුන් දැන සිටිය බව දැන් සඟවන්නට උත්සාහ කළත් එය නිශ්ඵල කාර්යයක් බව සමගි ජන බලවේගය වටහා නොගත්තත් රටේ ජනතාව ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක සිටිනවා.

leave a reply