ලෝක තෙල් මිල සැලකිය යුතු ලෙස පහත වැටී ඇති නමුත් ලංකා රජය දේශීය ඉන්ධන මිල ගණන් දැවැන්ත ලෙස ඉහල දමා ඇතිබව ආර්ථික විශ්ලේෂක ධනූෂ ගිහාන් පතිරණ දත්ත සහිතව පෙන්වා දී තිබේ.
ඔහු පෙන්වා දෙන පරිදි 2026 පළමු මාස හතර තුල ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බොර තෙල් මිලදී ගෙන ඇත්තේ 2025 වසරටත් වඩා අඩු මිලකට වේ.
ඔහු තම Facebook ගිණුමේ මේ බව සඳහන් කරමින් යොදා තිබූ සටහන පහත දැක්වේ.
ලෝක තෙල් මිල සැලකිය යුතු ලෙස පහත වැටී ඇති නමුත් ලංකා රජය දේශීය ඉන්ධන මිල ගණන් දැවැන්ත ලෙස ඉහල දමා ඇත. තවත් ඉතාමත් වැදගත්ම කරුනක් වන්නේ 2026 පළමු මාස හතර තුල ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බොර තෙල් මිලදී ගෙන ඇත්තේ 2025 වසරටත් වඩා අඩු මිලකට වීමයි! ලෝක වෙළඳපොලේ මිල ගනන් විශාල ලෙස පහල ගොස් ඇති මොහොතක සහ ඛණිජ තෙල් සංස්ථාව 2025 වසරටද සාපේක්ශව අඩු මිලකට තෙල් ආනයනය කල ඇති තත්වයක් තුල මේ ආකාරයට රජය දේශීය ඉන්ධන මිල ඉහල දමා ඇත්තේ ඇයි?
උදාහරණයක් ලෙස 2026 පළවන මාස හතර තුල ඛණිජ තෙල් සංස්ථාව මිලදී ගැනීම කර ඇත්තේ බොර තෙල් බැරලයක් පිලිවෙලින් ඇ.ඩො. 68.11ක්, 66.67ක්, 66.48ක් සහ 73.19ක් වන මිලගනන් වලටයි. මෙම අගයන් සියල්ල පසුගිය වසරේ (2025) මුල් මාස හතරේ මිල දී ගැනීම් වලට වඩා සැලකිය යුතු ලෙස පහල ගොස් ඇත (පහල මහ බැංකු දක්ත වගුව බලන්න )!
මේ සියල්ල අතරවාරයේ තවත් ඉතා වැදගත් කරුණක් වන්නේ, ඛණිජ තෙල් සංස්ථාවේ ආනයන මිල ගනන් සැලකිය යුතු ලෙස පහල ගොස් තිබුනත් 2026 අප්‍රේල් මාසයේ ඉන්ධන ආනයනය සඳහා ඇ.ඩො. මිලියන 900කට ආසන්න මුදලක් වැයවීමයි. මෙය 2025 අප්‍රේල් මස ආනයන වියදම වූ ඇ.ඩො. මිලියන 354.7 මෙන් ආසන්න වශයෙන් තුන් ගුනයක්!!!
ඛණිජ තෙල් සංස්ථාව අඩු මිලට බොර තෙල් ආනයනය කර ඇති පසුබිමක සමස්ථ ආනයන වියදමත් දේශීය ඉන්ධන මිලත් මේ ආකාරයට දැවන්ත ලෙස ඉහල යාමට හේතු වී ඇත්තේ කුමක්ද?
- ඛණිජ තෙල් සංස්ථාව දේශීය ඉල්ලුමෙන් 50%ක් පමන ආවරනය කරන අතර ඉතිරි සියල්ල සිදු කරන්නේ විදේශ ආයතන විසිනි. එම නිසා මෙම මිල වැඩි කිරීම් ඔවුන්ගේ ලාබය මෙන්ම ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාබය තර කිරීම සඳහා ගත් පියවරක් ලෙස රිජුව පෙන්වා දිය හැක.
- එමෙන්ම තුන් ගුනයකට ආසන්නව ඉහල ගොස් ඇති ආනයන වියදමට අනුරූපව සැබෑ තෙල් නැව්ගත කිරීම් රට තුලට පැමිණේදැයි රජය සොයා බැලිය යුතුය. මෙම නැව්ගත කිරීම් හදිසි විගණනයකට භාජනය කිරීම ප්‍රමුඛතාවයකි. මෙම අධික ආනයන පිරිවැය නීත්‍යානුකූල ආනයන ලෙස වෙස්වලාගත් ප්රාග්ධනය (ඇමරිකානු ඩොලර්) රටින් පිට කිරීම සඳහා ආනයන අධි-ඉන්වොයිස කිරීමක් විය හැකිය. වෙළඳපොළෙන් 50% කට වඩා විදේශීය සැපයුම්කරුවන් විසින් පාලනය කරනු ලබන බැවින්, මෙම කොල්ලකාරී ක්‍රමවේද හරහා ප්රාග්ධනය රටින් පිට කිරීමේ අවදානම තවත් ඉහල යයි.







