කොතලාවල පනතට එරෙහි විරෝධතාවයට සහභාගී වූ දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඊයේ(03) පාර්ලිමේන්තුව අසළ පැවති කොතලාවල පනතට එරෙහිව උද්ඝෝෂණය සඳහා කම්කරු අරගල මධ්‍යස්ථානය නියෝජනය කරමින් සහභාගී වූ කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමිර කොස්වත්ත සහ කෝෂිලා හංසමාලි යන ක්‍රියාකාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රියේ ඔවුන්ගේ නිවෙස්වලට ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඔවුන් රාත්‍රියේම තලංගම පොලීසිය වෙත රැගෙන විත් ඇත. මෙම දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනා පොදු දේපළවලට හානි කිරීම, රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට බාධා කිරීම යන චෝදනා යටතේ කඩුවෙල පොලීසියට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් ඊයේ මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...