Breaking News

ආණ්ඩුවේ අලුත් සෙල්ලම

ආණ්ඩුව දිගින් දිගටම අමුතු සෙල්ලමක් කිරීමට පටන් ගෙන තිබේ. එනම් ආණ්ඩුවට අසත්‍ය චෝදනා එල්ල කරන බව පවසන්නන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන යන බවට තර්ජනය කිරීමයි.

ජනාධිපති කාර්යාලය සතු වාහන ඉතා ටෙන්ඩර් ක්‍රමයට විකිණීම සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා සම්බන්ධවද ආණ්ඩුව එම සෙල්ලම කරමින් සිටියි. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් සත්‍යතාවයෙන් තොර අසත්‍ය පුවත් වන බවත් එම පුවත්වලට එරෙහිව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්ත්තමේන්තුවට පැමිණිලි කරනු ලැබ ඇති බවයි.

එසේම මෙලෙස ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේදී රජයේ විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර ඇති අතර 2025-04-23 වන දින නියමිත පටිපාටියට අනුව පුවත්පත් නිවේදන මගින් ටෙන්ඩර් කැඳවීම ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබූ බවද එම නිවේදනයේ දැක්වේ.

කෙසේවෙතත් ජනතාව ප්‍රශ්න කර සිටින්නේ සුඛෝපභෝගී වාහන විකිණීමෙන් පසු රට සුඛිත මුදිත කළ හැකි බව පැවසුවද දැන් ලැබී ඇත්තේ කෝටි 200ක මුදලක් පමණි.

මෙම වෙන්දේසිය සඳහා ව්‍යාපාරිකයින් 108 දෙනෙකු පමණ එක්ව සිටි අතර, ඉන් වාහන 17 ක් පෙරේදා දිනයේ අලෙවි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

සමාජ මාධ්‍ය ජාල හරහා බොහෝ දෙනෙක් ප්‍රශ්න කර සිටින්නේ වාහන මිල ගණන් ඉතා වැඩි මෙවැනි අවස්ථාවක අඩු මුදලට මෙම සුඛෝපභෝගී වාහන විකිනීමට හේතුව කුමක්ද යන්නයි. මෙය මිල ගණන් තීරණය කිරීමේදීම මිලදී ගන්නා පාර්ශවයට වාසිවන ආකාරයට තීරණය කර ඇති බවට චෝදනා නැගේ.

මිල ගණන් තීරණය කිරීම ගැන වූ ක්‍රියාවලිය ගැන පැහැදිලි කිරීමක් නොකර ආණ්ඩුව චෝදනා කරන්නන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැක්කීමට සිතීම එක්තර ආකාරයක ප්‍රජත්නත්‍රවිරෝධී වැඩකි.

leave a reply