ආණ්ඩුවේ අලුත් සෙල්ලම

ආණ්ඩුව දිගින් දිගටම අමුතු සෙල්ලමක් කිරීමට පටන් ගෙන තිබේ. එනම් ආණ්ඩුවට අසත්‍ය චෝදනා එල්ල කරන බව පවසන්නන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන යන බවට තර්ජනය කිරීමයි.

ජනාධිපති කාර්යාලය සතු වාහන ඉතා ටෙන්ඩර් ක්‍රමයට විකිණීම සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා සම්බන්ධවද ආණ්ඩුව එම සෙල්ලම කරමින් සිටියි. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් සත්‍යතාවයෙන් තොර අසත්‍ය පුවත් වන බවත් එම පුවත්වලට එරෙහිව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්ත්තමේන්තුවට පැමිණිලි කරනු ලැබ ඇති බවයි.

එසේම මෙලෙස ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේදී රජයේ විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර ඇති අතර 2025-04-23 වන දින නියමිත පටිපාටියට අනුව පුවත්පත් නිවේදන මගින් ටෙන්ඩර් කැඳවීම ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබූ බවද එම නිවේදනයේ දැක්වේ.

කෙසේවෙතත් ජනතාව ප්‍රශ්න කර සිටින්නේ සුඛෝපභෝගී වාහන විකිණීමෙන් පසු රට සුඛිත මුදිත කළ හැකි බව පැවසුවද දැන් ලැබී ඇත්තේ කෝටි 200ක මුදලක් පමණි.

මෙම වෙන්දේසිය සඳහා ව්‍යාපාරිකයින් 108 දෙනෙකු පමණ එක්ව සිටි අතර, ඉන් වාහන 17 ක් පෙරේදා දිනයේ අලෙවි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

සමාජ මාධ්‍ය ජාල හරහා බොහෝ දෙනෙක් ප්‍රශ්න කර සිටින්නේ වාහන මිල ගණන් ඉතා වැඩි මෙවැනි අවස්ථාවක අඩු මුදලට මෙම සුඛෝපභෝගී වාහන විකිනීමට හේතුව කුමක්ද යන්නයි. මෙය මිල ගණන් තීරණය කිරීමේදීම මිලදී ගන්නා පාර්ශවයට වාසිවන ආකාරයට තීරණය කර ඇති බවට චෝදනා නැගේ.

මිල ගණන් තීරණය කිරීම ගැන වූ ක්‍රියාවලිය ගැන පැහැදිලි කිරීමක් නොකර ආණ්ඩුව චෝදනා කරන්නන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැක්කීමට සිතීම එක්තර ආකාරයක ප්‍රජත්නත්‍රවිරෝධී වැඩකි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...