Breaking News

ඒ අයගේ සමාජ ප්‍රාග්ධනය , අපි කළොත් හොරකම – නාමල් නහයෙන් අඬයි

ආණ්ඩුවේ කෙනෙක්ට වත්කමක් තිබුනොත් ඒක සමාජ ප්‍රාග්ධනයක් විපක්ෂයේ දේශපාලනඥයින් හෝ රාජ්‍ය සේවයේ අයට තිබුනොත් ඒක හොරකමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා තිබේ.

නාමල් මේ වත්කම් ගැන කලබල වී තිබෙන්නේ වෙන මොකක් හෝ නිසාවත් නොව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට 2026 අප්‍රේල් 10 වන දිනට පෙර ඔහුගේ වත්කම්, වියදම් සහ ආදායම් මාර්ග විස්තර කරන සම්පූර්ණ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබීම නිසයි.

නාමල් රාජපක්ෂ කැළණි විහාරයේ ආගමික වැඩසටහනකින් පසු මාධ්‍ය අමතමින් පැවසුවේ,

” සමාජ ප්‍රාග්ධනය කියලා එකක් තියනවනේ, ඒ ගැන මේ දවස්වල අධ්‍යනය කරනවා. ආණ්ඩුවේ අයට මොකක් හරි හම්බවුණොත් ඒක සමාජ ප්‍රාග්ධනයක්. රාජ්‍ය සේවකයෙට මොකක් හරි හම්බ වුණොත් විපක්ෂයෙ දේශපාලනඥයන්ට මොකක් හරි වත්කමක් තිබුණොත් ඒක හොරකමක්. දැන් ආණ්ඩු පක්ෂයේ අයට සහ ජේවීපී එකේ අයට තියෙන්නේ සමාජ ප්‍රාග්ධනය එයාල කියන විදියට. හැබැයි රාජ්‍ය සේවකයෝ විපක්ෂයේ ඉන්න අයට තියෙන්නේ හොරකම් කරපුවා. ඉතින් ඒ ගැන මේ දවස්වල අධ්‍යයනය කරනවා.”

අල්ලස් කොමිසම විසින් මහින්ද රාජපක්ෂයේ වත්කම් පිළිබඳ මුල් ඉල්ලීම සිදුකර ඇත්තේ 2015 දෙසැම්බර් 14 වන දින බවත්, දශකයක් ගතවී ඇත්තේ ඊට අනුකූල වී නැත.

දැන් නාමල් රට වටේ යමින් නහයෙන් අඬන්නේ මේ උගුලෙන් බේරෙන්නට ජනතාවගේ අවධානය වෙනත් කාරණාවක් වෙත හැරවිමටයි.

අවශ්‍ය වන්නේ ලාල්ලගේ මෙන්ම රාජපක්ෂලාගේ වත්කම් ගැන විමර්ශන කිරීමයි

leave a reply