ටී බී සරත්ට ගමෙන් එල්ලවූ විරෝධය

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ උත්සවයට සහභාගී වීමට ගිය අවස්ථාවේ ඇමති ටී. බී. සරත්ට විරෝධයක් එල්ල වූ බව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතියි.

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව මගින් ආරම්භ කිරීමට යෝජිත කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පැමිණි අවස්ථාවේදී ඔහුට මෙම විරෝධය එල්ල වී තිබේ. ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමත් සමඟ ඔහු ඊයේ (02)වන දා එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

හිඟුරක්ගොඩ දොරදෙක ප්‍රදේශයේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ආරම්භ කිරීමෙන් ප්‍රදේශයේ දැඩි පරිසර ගැටලු මතුවන බවට පවසමින් දොරදෙක, කිඹුලාවල, ගම්පොළවත්ත, දොරහතර, මාරසිංහවත්ත, හිඟුරක්ගොඩ යන ප්‍රදේශවල ජනතාව ඊයේ දහවල් විරෝධතාවක නිරත වී ඇත.

හිඟුරක්ගොඩ සමුපකාර වී ගබඩාව අසල මෙම කසල ප්‍රතිචක්‍රීකිරීමේ ‍කිරීමේ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ගඩොල් වැලි ගෙනත් දමා තිබෙන අතර ඉදිකිරීමට යෝජිත කසල ප්‍රතිචක්‍රිකරණය කරන භූමිය ද මේ වන විටත් සූදානම් කර තිබේ.

විරෝධතාකරුවන් සඳහන් කර සිටියේ දොරදෙක ප්‍රදේශයේ කසල ප්‍රතිශක්තීකරණ මධ්‍යස්ථානයක් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවෙන් ස්ථාපිත කිරීමට යන බැවින් කරුණාකර එම ස්ථානයෙන් එය ඉදිකිරීම වහාම නවතා දමන ලෙසයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...