ටී බී සරත්ට ගමෙන් එල්ලවූ විරෝධය

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ උත්සවයට සහභාගී වීමට ගිය අවස්ථාවේ ඇමති ටී. බී. සරත්ට විරෝධයක් එල්ල වූ බව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතියි.

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව මගින් ආරම්භ කිරීමට යෝජිත කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පැමිණි අවස්ථාවේදී ඔහුට මෙම විරෝධය එල්ල වී තිබේ. ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමත් සමඟ ඔහු ඊයේ (02)වන දා එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

හිඟුරක්ගොඩ දොරදෙක ප්‍රදේශයේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ආරම්භ කිරීමෙන් ප්‍රදේශයේ දැඩි පරිසර ගැටලු මතුවන බවට පවසමින් දොරදෙක, කිඹුලාවල, ගම්පොළවත්ත, දොරහතර, මාරසිංහවත්ත, හිඟුරක්ගොඩ යන ප්‍රදේශවල ජනතාව ඊයේ දහවල් විරෝධතාවක නිරත වී ඇත.

හිඟුරක්ගොඩ සමුපකාර වී ගබඩාව අසල මෙම කසල ප්‍රතිචක්‍රීකිරීමේ ‍කිරීමේ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ගඩොල් වැලි ගෙනත් දමා තිබෙන අතර ඉදිකිරීමට යෝජිත කසල ප්‍රතිචක්‍රිකරණය කරන භූමිය ද මේ වන විටත් සූදානම් කර තිබේ.

විරෝධතාකරුවන් සඳහන් කර සිටියේ දොරදෙක ප්‍රදේශයේ කසල ප්‍රතිශක්තීකරණ මධ්‍යස්ථානයක් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවෙන් ස්ථාපිත කිරීමට යන බැවින් කරුණාකර එම ස්ථානයෙන් එය ඉදිකිරීම වහාම නවතා දමන ලෙසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...