Breaking News

අපි ඉන්නෙ වර්තමානයත් 71 එකට මුහු වෙන වෙලාවක .

” අධිරාජ්‍යවාදයට විනාශය සමාජවාදයට විජයග්‍රහණය ” මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ 55 වෙනි අප්‍රේල් විරු සමරුව ඊයේ( 05 ) දින පස්වරු 3.00ට කොළඹ නව නගර ශාලාවේදී පවත්වනු ලැබුවා .

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක සහෝදරයා.

 " ඇයි අපි මේ අවුරු 55කට පස්සෙත් 71 අරගලය ගැන සිහිපත් කරන්නේ. එදා 71 අරගලයට සම්භන්ධ වුණු අපේ සහෝදරවරු සඨන් කළේ අධිරාජ්‍යවාද්‍යට විරුද්ධව. " අධිරාජ්‍යවාද්‍යට විනාශය සමාජවාදයට විජයග්‍රහණය" කියන එක තමයි ඔව්න්ගේ තේමව වුණේ. අද අපි ජීවත් වෙන්නේ ඉතිහාසයයේ කවරදාටත් වඩා අධිරාජ්‍යවාදී නරුමත්වයෙන් බැට කන යුගයක. අන්න ඒ නිසා තමයි 71 අරගලය අදටත් අපිට දේශපානලනිකව වැදගත් වෙන්නේ. ඔවුන් එදා ගත්තු දේශපානලනික ක්‍රියාමාර්ග ගැන මොනතරම් විවේචන තිබුණත් ඒ සහෝදරවරුන්ගේ අභිලාශයන්ගේ උදාර බව එක බිඳකින්වත් ඒ නිසා අඩු වෙන්නේ නැහැ. මොකද එදා තමන්ගේ ජීවිතේ පරදුවට තියලා මුළු මහත් සමාජයක් වෙනුවෙනුයි ඒ සහෝදරවරු සඨන් වැදුණේ.

අපි දන්නවා මේ අරගලයට නායකත්වය දුන්නේ, මේ අරගලය වටා එකතු වුණේ රෝහණ විජේවීර සහෝදරයා නායකත්වය දුන්නු ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙවෙයි. මේ කොල්ලකාරී ආර්ථික ක්‍රමය හමුවේ පීඩාවට පත් වෙලා හිටපු මුළු මහත් සමාජයක්ම 71 අරගලය එක්ක ආධ්‍යාත්මිකව බැඳිලා හිටියා. එදා 71 සහෝදරවරුන්ට තිබුණේ එකම අරමුණයි. ඒ තමයි රාජ්‍ය බලය අත්පත් කරගැනීමේ අරමුණ. එතනින් මෙහා ව්‍යාජ විසඳුම් ඔව්න්ට තිබුණේ නැහැ. අද පැලවත්තේ ටිල්වින්ලා අවධි තුලින් විප්ලවය කරන්න පුලුවන් වගේ අතිෂයින් මෝඩ න්‍යායයික අදහස් පතුරවමින් යනවා. අපි ඔවුන්ට කියනවා නැවත මාක්ස්ගේ ලෙනින්ගේ ඉගැන්වීම් කියවගන්න කියලා. අපිට අවධි කතාවක් නැහැ. විප්ලවවාදියාට තියෙන්න ඕන රාජ්‍ය බලය ලබා ගැනීමේ අරමුණ විතරයි.

අද ලෝකේ පුරා තැනින් තැන කුඩා සඨන් බිම් නිර්මාණය වෙමින් යනවා. මේ හුදකලා සඨන් බිම් එකාබද්ධ කිරීමේ වගකීම අපි බාර ගත යුතුයි. එදා ඉතිහාසයේ වැඩබිම්වල හිටපු වහල්ලු තේරුම් ගත්ත එක ඇත්තක් තිබුණා. ඒ ඇත්ත තමයි ” අපි හදන්නේ අපිව හිර කරන අපිව බැඳ තබන යදම් විතරක් නෙවෙයි. අපිව නිදහස් කරන ආයුධ හදන්නෙත් අපිම තමයි. ” අන්න ඒ ඇත්ත තේරුම් ගත්ත වෙලාවේ තමයි එදා මුළු මහත් සමාජ ක්‍රමයම පෙරළන්න වහල්ලු පෙරට ආවේ. එදා ඒ යදම් කඩපු වහල්ලුන්ට වගේම අද ලෝකෙ පුරාම ඉන්න විප්ලවවාදී දේශපානලන ව්‍යාපාරවලට අළුත් අවස්ථාවක් ඇවිල්ලා තියනවා. ඒ අවස්ථාව තමයි මේ අධිරාජ්‍යවාදී බල වියරුවෙන් මුළු මහත් සමාජයක් නිදහස් කරගැනීමේ අවස්ථාව.

එදා මැදපෙරදිග කලාපයේ රටවල් එක්ක පෙට්‍රෝ ඩොලර් සම්මුතිය අත්සන් කරලා එකසත් ජනපදය මුළු ලෝකෙම තෙල් සම්පත තමන්ගේ අතට ගත්තා. මුළු ලෝකෙ පුරාම ඩොලරය ව්‍යාප්ත කිරීම තුළින් ඔවුන්ට පුලුවන් කම ලැබුණා ලෝක ආර්ථිකයෙන් වැඩි පංගුවක් කොල්ලකා ගන්න. මේ කොල්ලකෑම තීවෘ වෙන්න වෙන්න බිලියනපතියන්, ට්‍රිලියනපතියන් වර්ධනය වෙන්න ගත්තා. මුළු මහත් සමාජයක් එකතුවෙලා නිෂ්පාදනය කරන දේවල්වල සියලු වටිනාකම් මේ විදිහට සුළු පිරිසක් විසින් කොල්ල කද්දි සමාජයේ බහුතරයක් දුප්පත්කමට ඇදවැටෙන එක නවත්වන්න පුලුවන් කමක් නෑ. ඒ වගේම තමයි එහෙම දුප්පත් කමට ඇද වැටුණු සමාජයක්, පීඩාවට පත් වුණු සමාජයක් තවදුරත් ඉවසන්නේ නැහැ. අන්න ඒක දන්න නිසයි ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදී රටවල්. පාලක පන්තිය අපිට එරෙහිව ආයුධ මුවහත් කරන්නේ.

අද මේ අධිරාජ්‍යවාදී යුද්ධය තියෙන්නේ මැදපෙරදිග කලාපයේ විතරයි. හැබැයි මැදපෙරදිග කලාපයෙන් එපිටට මේ බලපොරය ව්‍යාප්ත වෙන දවස වැඩි ඈතක නෙවෙයි. කවුරුහරි හිතනවනම් මේ යුද්ධය වෙන්නේ ලෝකේ එක කොණක විතරයි ඒ නිසා අපේ ඔළුවට බෝම්බ වැටෙන්නේ නැහැ කියලා ඒක මෝඩ කතාවක්. මේ වෙද්දි අපි රටක් විදිහට ඇමරිකාව එක්ක මිලිටරි ගිවිසුම් අත්සන් කරලා ඉවරයි. ඇක්සා ගිවිසුමට අනුව ඉන්දියානු සාගරයේ ඇතිවෙන යුද්ධයකදී ඇමරිකාවට අපේ භූමිය, අපේ රෝහල් පාවිච්චි කරන්න ඉඩ ලබා දෙන්න අපි එකඟවෙලා ඉවරයි. අනික් පැත්තෙන් මේ ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුම් ගණනාවක් අත්සන් කළා. අපේ රටේ බලශක්ති ස්වාධීනත්වය, වගේම තමයි රාජ්‍ය ආරක්ෂාව පවා මේ ගිවිසුම් මගින් ඉන්දියාවට පාවාදීලා ඉවරයි. අද මැදපෙරදිග කලාපයේ දිගහැරෙන යුද්ධය ජාතිවාදී යුද්ධයක්, එහෙම නැත්තම් ආගමික යුද්ධයක් විදිහට නිර්වචනය කරන්න සමහරු උත්සහ කරනවා. නමුත් හංගන්න බැරි ඇත්ත තමයි මේ යුද්ධය වෙන්නේ මැදපෙරදිග තෙල් සම්පත, ඛනිජ සම්පත කොල්ල කන්න කියන එක. අද ඇමරිකාවයි චීනයයි පැටලිලා ඉන්නේ අන්න ඒ සම්පත් කොල්ල කෑමේ යුද්ධයකට. ඒ වෙනුවෙන් තමයි ඇමරිකාව ඉතාම මෙලෙච්ඡ විදිහට පොඩි දරුවෝ ඉගෙනගන්න ඉස්කෝල උඩට බෝම්බ අතහරින්නේ. මැදපෙරදිගින් පස්සේ මේ අධිරාජ්‍යවාදී රටවල් අනිවාරෙන් ආසියාව දිහාවට හැරෙනවා. අන්න ඒ මොහොතෙදි අපිට වෙන්නේ අහක යන බෝම්වලට ඔළුව දෙන්න. මේ තත්වයට දශක 7ක් තිස්සේ අපේ රට පාලනය කරපු සියලු පාලකයෝ වග කියන්න ඕන.

එදා 71 ජීවත් වුණු පරම්පරාව විස්වාස කළේ මුහුණු මාරුවක් නෙවෙයි. පාලක පන්තියේ ඔළු ගෙඩි මාරු කරලා මේ ප්‍රශ්නය විසඳන්න බැරි බව ඔවුන් දැනගෙන හිටියා. ඔවුන් ඉදිරියේ තිබුණේ එකම විසඳුමයි. ඒ තමයි වැඩකරන පන්තිය අතට රාජ්‍ය බලය ලබා ගැනීමේ අරගලය. අදත් අපි හිතනවා මුහුණු මාරු කරලා පක්ෂ මාරු කරලා මේ අධිරාජ්‍යවාදී මර උගුලෙන් ගැලවෙන්න පුලුවන් කමක් නෑ. මොකද එහෙම හිතලා ගෙනාපු ආණ්ඩුව පවා IMF එකේ ඉත්තෙක් වෙලා ඉවරයි. ඒ නිසා අධිරාජ්‍යවාදී උගුලට එරෙහිව, ආර්ථිකේ පීඩනයට එරෙහිව, වගේම මනුෂ්‍යත්වය වනසන නරුම යුද වියරුවට එරෙහිවත් වැඩකරන පන්තියේ ජනතා බලයක් අපි ගොඩනැගිය යුතුයි. අන්න ඒ සඳහා නායකත්වය දෙන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි සූදානම්. අද අපිට තියෙන එකම විකල්පය සමාජවාදය විතරයි. අන්න ඒ සමාජවාදී සමාජය නිරමාණය කරන්න එකතුවෙමු කියලා අපි මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා. “

leave a reply