ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර්ගේ ලංකාවේ සංචාරය හරහා දිට්වා සුළි කුණාටුවෙන් පීඩා විඳි ශ්‍රී ලංකාවට නැවත නැගී සිටීමට සහය දැක්වීම බව පවසමින් තවදුරටත් ලංකාව මත ඉන්දියාව පටවමින් සිටින ආර්ථික ආධිපත්‍ය පැහැදිලි වෙමින් තිබේ.
ශ්‍රී ලංකාව යළි ගොඩ නැගීම සඳහා රුපියල් කෝටි 13,884 ක පමණ සහන පැකේජයක් රැගෙන තමන් මෙරටට පැමිණි බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් ප්‍රකාශ කර තිබේ.
යළි නැගිටීම සඳහා මෙරටට ලබා දෙන සහන පැකේජයෙන් ඩොලර් මිලියන 350 ක් ලබා දෙන්නේ සහනදායී ණයක් ලෙස බවත් ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 100 ක මුදල ලබා දෙන්නේ ප්‍රදානයක් ලෙස බවත් ආචාර්ය එස්.ජයිශංකර් මෙහිදී ප්‍රකාශ කර ඇත.
“අප යෝජනා කර ඇති සහන පැකේජයේ වටිනාකම ඩොලර් මිලියන 450ක්. එයට ඩොලර් මිලියන 350ක සහනදායී ණය පහසුකම් (Line of Credit) සහ ඩොලර් මිලියන 100ක ප්‍රදානයන් ඇතුළත් වෙනවා. මාර්ග, දුම්රිය සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීම වැනි සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ අංශ සඳහා මෙය යොදවනු ඇති. 2022 ආර්ථික අර්බුදයෙන් ගොඩඑමින් සිටි ශ්‍රී ලංකාවට මෙම ස්වභාවික විපත නව අභියෝගයක් බව අපි දන්නවා. ඒ නිසා අපි ඉක්මනින්ම මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.”
මෙහිදී ජයිශංකර් විශේෂයෙන් සඳහන් කළේ ඉන්දියාවේ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කරගත හැකි අංශ පිළිබඳවයි. “අපි ඉන්දියාවෙන් සංචාරකයින් පැමිණීම දිරිමත් කරනවා වගේම, තීරණාත්මක අවස්ථාවක ඔබේ ආර්ථිකය නංවාලීම සඳහා ඉන්දියාවෙන් සෘජු විදේශ ආයෝජන (FDI) වැඩි කිරීමටත් කටයුතු කරනවා,” යැයි
ලංකාව ආර්ථික අර්බුදයට මුහුණ දුන අවස්ථාවේ පවා ඉන්දියාව මැදිහත්වුවේ ණය ලබාදීමෙනි.
මේ මොහොත යනු ලංකාව ණය බරින් මිරිකී සිටින මොහොතකි. දැනටමත් ලෝක ආර්ථික විද්‍යාඥයින් විශාල පිරිසක් ලංකාව ණය ගෙවීමේ හැකියාව පහත වැටි තිබීම සහ පැරණි ණය අහෝසි කළ යුතු බවට ඔවුන් ඉල්ලා තිබේ. එවැනි මොහොතක අලුත් ණය ලබාදීම යනු ලංකාව තව තවත් උගුලේ පැටලවිමකි.






