අහෝසි කිරීමක් නැහැ, සශෝධන පමණයි – ත්‍රස්ත පනත ගැන ආණ්ඩුව කියයි

දැනට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත අවසාන එකක් නොවන බවත් මහජන අදහස් සහ යෝජනා සලකා බලා කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එය සංශෝධනය කරන බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති නීතිඥ (ජනාධිපති) රියන්සි අර්සකුලරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් කෙටුම්පත් කරන ලද මෙම පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශ වෙබ් අඩවියට භාෂා තුනෙන්ම උඩුගත කර ඇති බවත්, 2026 පෙබරවාරි 28 වන දින දක්වා ජනතාවට තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

දැනට ප්‍රජාතන්ත්‍රවාදය අගයන ක්‍රියාකාරීන්ගේ ඉල්ලීම බවට පත්ව ඇත්තේ මෙම පනත සංශෝධනය කිරීම නොවන අතර මෙවැනි පනතක් ගෙන ඒමට කටයුතු නොකරන ලෙසයි. ඊට අමතරව දැනට පවතින ත්‍රස්තවාදය වැළක්වීමේ පනතද අහෝසි කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි. ජාතික ජන බලවේගය ආණ්ඩුවට දැන් අමතකව තිබුනද ඔවුන් මැතිවරණවලදී පොරොන්දු වූවේ ද එයයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...