අහෝසි කිරීමක් නැහැ, සශෝධන පමණයි – ත්‍රස්ත පනත ගැන ආණ්ඩුව කියයි

දැනට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත අවසාන එකක් නොවන බවත් මහජන අදහස් සහ යෝජනා සලකා බලා කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එය සංශෝධනය කරන බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති නීතිඥ (ජනාධිපති) රියන්සි අර්සකුලරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් කෙටුම්පත් කරන ලද මෙම පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශ වෙබ් අඩවියට භාෂා තුනෙන්ම උඩුගත කර ඇති බවත්, 2026 පෙබරවාරි 28 වන දින දක්වා ජනතාවට තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

දැනට ප්‍රජාතන්ත්‍රවාදය අගයන ක්‍රියාකාරීන්ගේ ඉල්ලීම බවට පත්ව ඇත්තේ මෙම පනත සංශෝධනය කිරීම නොවන අතර මෙවැනි පනතක් ගෙන ඒමට කටයුතු නොකරන ලෙසයි. ඊට අමතරව දැනට පවතින ත්‍රස්තවාදය වැළක්වීමේ පනතද අහෝසි කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි. ජාතික ජන බලවේගය ආණ්ඩුවට දැන් අමතකව තිබුනද ඔවුන් මැතිවරණවලදී පොරොන්දු වූවේ ද එයයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...