විගණකාධිපති තනතුරට මිලිටරි නිලධාරියෙක් යෝජනා කරලා

Date:

රටේ මීළඟ විගණකාධිපතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මිලිටරි ඉතිහාසයක් සහිත නමක් යෝජනා කිරීම පිළිබඳ විරෝධයක් මතුව තිබේ.

කෙසේවෙතත් ඉදිරිපත් කළ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ඕ.ආර්. රාජසිංහගේ නම ප්‍රතික්ෂේප වීමත් සමඟ, පසුගිය මාස අටක කාලය තුළ විගණකාධිපති ධුරය සඳහා ස්ථිර හෝ වැඩබලන පදනම මත පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා හතරක්ම සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

පසුගිය සති දෙක තුළ දෙපාර්තමේන්තුවට වැඩබලන විගණකාධිපතිවරයෙකු නොසිටීම හේතුවෙන් ජාතික විගණන කාර්යාලයේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇත.

ඕ.ආර්. රාජසිංහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයේ නියුතු නිලධාරියෙකු වන අතර යුද්ධ හමුදා විගණන අංශයේ සාමාජිකයෙකි. හමුදා ඉතිහාසයක් සහ ශික්ෂණයක් සහිත කෙනෙකු විගණකාධිපති දෙපාර්තමේන්තුවට ගෙන ඒම එම දෙපාර්තමේන්තුවේ ඇති ස්වාධීනත්වයට මෙන්ම මිලිටරි නිලධාරීන් රටේ සාමාන්‍ය පරිපාලන කටයුතු සඳහා එක් කරගැනීම ගැන පොදු විරෝධයක් ගොඩ නැගී තිබේ.

පසුගිය බදාදා පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඔහුගේ නම සභාව වෙත ඉදිරිපත් කර තිබුණි. කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ජනාධිපතිවරයාගේ නාම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ සාමාජිකයන් හතර දෙනෙකු පමණක් වන අතර පස් දෙනෙකු ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.

සිවිල් සමාජ සාමාජිකයන් තිදෙනාම මෙන්ම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා යන අය මෙම නාම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත. අග්‍රාමාත්‍ය අමරසූරිය සහ සභානායක බිමල් රත්නායක , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ආදම්බාවා සහ එස්. ශ්‍රීධරන් යන අය නාම යෝජනාවට පක්ෂව ඡන්දය දී තිබේ.

පසුගියදා විපක්ෂය චෝදනා කළේ විගණකාධිපති තනතුරට ජනාධිපතිවරයාට හිතවත් පුද්ගලයෙකු පත්කිරීමේ උත්සහයක් ඇතිබවත් මේ ආකාරයට සුදුසුකම් සහිත නිලධාරීන් සිටියදී පත්කිරීම කල් දමමින් සිටින්නේ ඒ නිසා බවයි.

විගණකාධිපති තනතුරට රජයේ ගැටලු ස්වාධීනව හෙළි නොකරන අන්දමේ කෙනෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට දැඩි වුවමනාවක් ඇතැයි ද ඇතැමුන් පවසමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...