මුනුබුරාගේ කවිය

හැම හේමන්තෙට ම පෙර
තුරු
පත් සළනවා තමයි…
ඒත්, තුරුපත් නොවේ ඔබ
කප්පරක් හේමන්ත පසුකර
හැම වසන්තෙ ම හිනැහුණ…

මේ හිම සමේ නො වැටුණ
හිම පියල්ලක් සේ
මුද්‍රා තැබූ දෙණ තුළ
ශීතලෙන් ගුළිවී
කොහේ යන්නෙ ද ඔබ
කොන්තයත් හිමි නැති
පටැළවුණු අත්ලෙහි
කවර රහසක්
ගුලිවී තිබෙන්නෙ ද?

ගැටවර කතන්දර මත
කිරිකැටි හිනා ඉතිරුණ
ඔය මහලු මැදුරට
වෛරස රැගෙන ආ කෘමියා
කවර අඬුපඬු විහිදන
කවර මුහුණක සැඟවුණ
කවර කෘමියක් ව ද?

හිතුමතේ අත් විහිදා
‘ෆෝසිසියා’ හිනැහෙන විට
වසන්තය අත ළඟ බව
කියා දුන්නී එ ද වස
අත්තම්මේ ඔබ ය…

නිල්ල පාදාගෙන
‘ප්‍රීමවේර්’ කුසුම් නැඟැ එන
නිම්න භූමිය පෙන්නා
වසන්තය ඇවිදින් බව
කියා දුන්නේ එ දවස
අත්තප්පේ ඔබ ය…

අත්-මුව වැසුම පැළඳුව
වෛරසමුවා සිහිනෙක
දෑත් පටලාගෙනැ විත්
මේ සා පාළු කුටියේ
සයනය දෙ පස ඉඳඟෙන
පහදා දෙන්න හැකිවෙද
අලුතින් හුස්ම ගන්නා
මේ වසන්තය නො දැක ම
හුස්ම අත් හැරි කාරණ?

 2020 අප්‍රේල් 21

කවියාගේ සටහන:
අප්‍රේල් 20 වන දා වෙද්දි EHPAD වල විතරක් මියගිය වැඩිහිටියන් ගණන 7752යි.

මංජුල වෙඩිවර්ධන

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...